Ads 468x60px

Internet සගයාගේ උපන්දින සැමරුම



අන්තර්ජාලය භාවිතා කරන ඔබ අප සියළු දෙනාගේ ඕනෑම තොරතුරු අවශ්‍යතාවයක් වෙනුවෙන් අපට සිටින සිටින එකම පිහිට google ය. වෙබ් අඩවියක් සොයාගැනීමට, ගීතයක් හෝ චිත්‍රපටයක් සොයාගැනීමට, මෘදුකාංගයක් සොයාගැනීමට පමණක් නොව ඉංග්‍රීසි වචයනයක අක්ෂර වින්‍යාසය පරීක්ෂා කරගැනීමට පවා අප google search කිරීමට පුරුදුව සිටින්නේ සැබැවින්ම google යනු තවත් එක් සෙවුම් යන්ත්‍රයකට වඩා එහා ගිය  දෙයක් බවට පත්වී ඇති බැවිනි.

එපමණක් නොව google drive, google chrome, google groups, google news, google translate, android. වැනි අපගේ ජීවිත වලට ඉතාමත් සමීප සේවාවන් රැසක් ප්‍රවර්ධනය කරමින් ලොව අති සුවහසක් දෙනාගේ තොරතුරු පහස නිවාලන අන්තර්ජාල සගයාගේ 15 ව ජන්ම දිනය අදට යෙදී තිබේ.



Google ගේ කතාව 

Google Inc. යනු අන්තර්ජාල ආශ්‍රිත සේවා සපයන ඇමරිකානු  බහුජාතික සමාගමකි. ඔවුන්ගේ ප්‍රධානතම ව්‍යාපාරික පැතිකඩයන් වන්නේ “අන්තර්ජාල සෙවුම්”, මෘදුකාංග, cloud computing සහ අන්තර්ජාල වෙළඳ දැන්වීම් ප්‍රචාරනයයි.

Stanford විශ්වවිද්‍යාලයේ ආචාර්‍ය උපාධි (Ph.D) සිසුන් දෙදෙනෙකු වූ Larry Page සහ Sergey Brin විසින් google සමාගම ආරම්භ කරනලද්දේ 1998 වසරේදී ය. “to organize world’s information and make it universally accessible and useful” හෙවත් “ලොව පුරා ඇති තොරතුරු පිළිවෙලට සකස් කිරීම සහ ඒවා අර්ථාන්වවිත අයුරින් මුළු ලොවටම භාවිතා කිරීමට හැකි වනපරිදි නිර්මාණය කිරීම”  ඔවුන්ගේ තේමා පාඨයයි.

නමුත් google සමාගම මෙතරම් ජනතා ප්‍රසාදයක් දිනාගෙන ඇත්තේ ඔවුන් ක්‍රියාත්මක වන නිල නොවන ක්‍රියා පිළිවෙල නිසා ය. එනම් ඔවුන්ගේ නිල නොවන සටන් පාඨය වන “කරදරයක් නොවන්න” හෙවත් “Don’t be evil” යන්නයි. Google සමාගම ප්‍රධාන වශයෙන් ලාභ ලබන්නේ අන්තර්ජාල වෙලඳ දැන්වීම් ප්‍රචාරනයෙන් වුවත් ඔවුන් කිසිසේත්ම තම පාරිභෝගිකයා අපහසුතාවයට පත් නොවන අයුරින් ඉතාමත් උපක්‍රමශීලී ලෙස එම ප්‍රචාරන කටයුතු සිදුකරයි. බහුතරයක් google පරිශීලකයින් google විසින් ඔවුන්ට වෙළඳ දැන්වීම් පෙන්වන බව නොදැන සිටීම ම ඔවුන් මෙම සටන් පාඨය කොතරම් ප්‍රායෝගිකය ක්‍රියාත්මක කරන්නේද යන්න මනාව පැහැදිලි වේ.


Google හි විවිධ සේවාවන්


Google සමාගම විසින් අන්තර්ජාල පරිශීලකයින් වෙත ලබාදෙන ප්‍රධානතම සේවාව වන්නේ “සෙවුම්” සේවාවයි (google search). Google සෙවුම් යන්ත්‍රය භාවිතා කර ඉතා පහසුවෙන් අන්තර්ජාලය තුල ඇති තොරතුරු සොයාගතහැකි අතර Gmail, Google Drive, YouTube, Google + වැනි online software මගින් අපගේ අන්තර්ජාල සෙවුම තවතවත් පහසු කරවයි. මීට අමතරව Chromebook ලෙස හඳුන්වන netbook පරිගනක තුල ස්ථාපනය කර ඇති Chrome මෙහෙයුම් පද්ධතිය සහ ලොව පුරා ඉතා ජනප්‍රිය Android ජංගම දුරක්තන මෙහෙයුම් පද්ධතිය ද google වෙතින් අපට නොමිලයේම ලැබෙන ඉතා වැදගත් සේවාවන් ය.

ඔබ මෙම ලිපිය කියවනු ලබන Blogger ඇතුළු අප ජීවිත වලට වඩාත් සමීප සහ ඉතාමත් විශ්වාසවන්ත සේවාවන් රැසක් සපයන google හි ලොව පුරා විසිරි data centers තුල වූ මිලියන ගනනක් සේවාදායක පරිගනක ඔබේ සේවය උදෙසා දවසේ පැය 24ම නොකඩවා ක්‍රියාත්මක කරවයි.

ලොව පුරා වෙසෙන මිනිසුන්ගේ අන්තර්ජාල අත්දැකීම වඩාත් සරළ සහ ඵලදායී එකක් බවට පත් කිරීමට ඇප කැප වී සිටින google සමාගමේ 15 වන ජන්ම දිනය සමරන මේ මොහොතේ අප සැම ඔවුනට “සුභ උපන්දිනයක් සහ සාර්ථක අනාගතයක්” ප්‍රාර්ථනා කරමු.


Wish you happy birthday and successful future Google J

ස්තුතියි!





2 comments:

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
 

අපිට like එකක් දාන්න

යාලුවන්ටත් බලන්න share කරන්න

Google+ පිටුව follow කරන්න

twitter යාලුවන්ට අපිව tweet කරන්න