පරිගනක
මෙහෙයුම් පද්ධතියක් යනු ඉතාමත් සංකීර්ණ පද්ධතියක් බැවින් එක් ලිපියකින් එහි සම්පූර්ණ ක්‍රියාකාරීත්වක පැහැදිලි කිරීම කිසිසේත් ම සිදු කල නොහැක. සාමාන්‍ය පරිගණක පරිශීලකයෙකු වශයෙන් ඔබේ පරිගනකයේ ස්ථාපනය කර ඇති මෙහෙයුම් පද්ධතිය පිළිබඳව ඔබ අනිවාර්යයෙන්ම දැනගෙන සිටිය යුතුම කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී සලකා බලමු
පරිගනක මෙහෙයුම් පද්ධතියක් යනු කුමක්ද?
එදිනෙදා
ජීවිතයේදී ඔබට විවිධ වර්ගයේ හැඩයන් සහ ප්‍රමාණයන්ගෙන් යුත් පරිගනක හමු වී ඇත. මේ එක් එක් පරිගනක විවිධ සුවිශේෂී ක්‍රියාවන් උදෙසා මෙලෙස විවිධ ප්‍රමාණයන්ගෙන් නිපදවා තිබේ.
උදා: Desktop පරිගනක
Laptop පරිගනක
Tablet පරිගනක (iPad , Galaxy
Tab)
Smartphone
(iPhone, Android සහිත
දුරකතන)
ඔබගේ
පරිගනකය Desktop පරිගනකයක්, Laptop පරිගනකයක්, Smartphone එකක් හෝ වෙනත් ඕනෑම ආකාරයේ පරිගනකයක් වුවත් එය නිර්මාණය වී ඇති ප්‍රධාන සාධක 2ක් ඇත. එනම් දෘඩාංග සහ මෘදුකාංග වේ (Hardware and
Software).
ඔබේ
පරිගනකය නිර්මාණය වී ඇති මධ්‍ය සකසන ඒකකය (CPU), මවු
පුවරුව (Mother
board), මතක චිප (Memory chip), දෘඩ තැටිය (Hard disk), CD ධාවකය, තිරය (Display), යතුරු පුවරුව (Keyboard) වැනි සියලුම ඉලෙක්ට්‍රොනික උපාංග දෘඩාංග හෙවත් Hardware යන වර්ගයට අයත් වේ.
ඔබ
පරිගනකය ක්‍රියාත්මක කර ඒ තුල භාවිතා කරන Microsoft Office
Word, Excel, Adobe Photoshop, Media
Player, Firefox, Google chrome, Angry Birds, Temple Run, Calculator වැනි වැඩසටහන් සියල්ල මෘදුකාංග හෙවත් Software ලෙස හඳුන්වනු ලැබේ.
දෘඩාංග
වලින් සැදුම්ලත් පරිගනකයක් තුල ඔබ මෘදුකාංගයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වේ. මෙහෙයුම් පද්ධතියක අවශ්‍යතාවය ඇතිවන්නේ මෙවිටය. අප මෙතෙක් සාකච්ඡා කරනු ලැබූ දෘඩාංග සහ මෘදුකාංග අතර අන්තර් සබඳතාවයක් ඇති කර සමස්ථ පද්ධතිය පාලනයකින් යුතුව ක්‍රියාත්මක කරනු ලබන්නේ මෙහෙයුම් පද්ධතිය (Operating
System) මගිනි.
ඉහත
සඳහන් කල Word, Excel,
Photoshop, Firefox, Angry Birds, Temple Run වැනි
යම්කිසි විශේෂ අවශ්‍යතාවයක් උදෙසා අප භාවිතා කරනු ලබන මෘදුකාංග “යෙදුම් මෘදුකාංග” (Application
Software හෙවත්
Apps) ලෙස හඳුන්වනු ලබයි. මෙහෙයුම් පද්ධතියක් ද එක්තරා ආකාරයක මෘදුකාංගයක් ම වන අතර එය App එකකට වඩා ඉතා සංකීර්ණ වූ ක්‍රමලේඛනයකි. මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කර ඇත්තේ සමස්ථ පරිගනක පද්ධතියේම ක්‍රියාකාරීත්වය නිසි ලෙස පවත්වාගැනීමට ය. ඒ නිසා මෙහෙයුම් පද්ධතිය “පද්ධති මෘදුකාංගයක්” (System
Software) ලෙස හඳුන්වයි.
විවිධ මෙහෙයුම් පද්ධති වර්ග හඳුනාගනිමු
පුද්ගල
පරිගනකයක්
(personal computer) භාවිතා
කරන ඔබට බෙහෙවින්ම හුරුපුරුදු මෙහෙයුම් පද්ධතිය Microsoft
Windows විය හැකිය. Windows XP ,
Windows 7 , Windows 8 වැනි
විවිධ සංස්කරණ ගැන ඔබ අසා ඇති. නමුත් Windows යනු තවත් එක් සමාගමක් මගින් නිපදවන මෙහෙයුම් පද්ධතියක් පමණි. පරිගනක ලෝකය තුල මෙවන් විවිධ වූ මෙහෙයුම් පද්ධති විශාල ප්‍රමාණයක් විවිධ අරමුණු උදෙසා භාවිතා කරයි. මේවා අතරින් ජනප්‍රිය මෙහෙයුම් පද්ධතීන් කිහිපයක් පිළිබඳව තොරතුරු විමසා බලමු.
- Windows
- Ubuntu
- Mac OS
- iOS
- Android
Windows මෙහෙයුම් පද්ධතිය
ලොව
පුරා විශාල ලෙස ව්‍යාප්ත වී ඇති පුද්ගල පරිගනක (Personal
Computer) මෙහෙයුම්
පද්ධතියකි.
Microsoft සමාගමේ නිෂ්පාදනයක් වන මෙය මුදල් ගෙවා ලබාගතහැකි ප්‍රකාශන හිමිකම් සහිත මෙහෙයුම් පද්ධතියකි. Windows තුල ඇති ඉතා ආකර්ෂනීය, භාවිතයට පහසු පරිශීලක අතුරු මුහුනත් (user interface)
මෙය ලොව පුරා බෙහෙවින් ජනප්‍රිය වීමට එක් හේතුවක් වී ඇත.
1985 වසරේදී
MS-DOS මෙහෙයුම් පද්ධතියෙන් ආරම්භව අද වනවිට ලොව පුරා අති විශාල පරිගනක සංඛ්‍යාවක් තුල ස්ථාපිතව ඇති ජනප්‍රියම මෙහෙයුම් පද්ධතියක් බවට Windows මෙහෙයුම් පද්ධතිය පත්වී ඇත. Window 7 මේ වනවිට නිකුත් වී ඇති ජනප්‍රියම සහ වඩා ස්ථාවට සංස්කරණයක් ලෙස හැඳින්වියහැකි අතර Window 8 යනු දැනට නිකුත් වී ඇති නවතම සංස්කරනයයි. බොහොමයක් Desktop හා Laptop පරිගනක තුල භාවිතා වේ.
මීට අමතරව ජංගම දුරකතන, Tablet පරිගනක වැනි ජංගම උපාංග සඳහා Windows mobile නමින් සංස්කරණ නිපදවන අතර Server පරිගනක සඳහා Microsoft Windows
Server නමින් සංකරණයන් නිෂ්පාදනය කරයි.
Windows 8 Start Screen |
Ubuntu මෙහෙයුම් පද්ධතිය
Ubuntu යනු
linux පාදක මෙහෙයුම් පද්ධතියකි. ( Linux පිළිබඳව මෙම ලිපිය තුල දීර්ඝ ව සාකච්ඡා කිරීම තරමක් අපහසු බැවින් ඒ පිළිබඳව වෙනත් ලිපියකින් සලකා බලමු.)
මෙය
සම්පූර්ණයෙන් ම නොමිලයේ ලබා දෙන විවෘත කේත මෙහෙයුම් පද්ධතියක් (Free and Open
source operating system) වන
අතර Windows මෙහෙයුම් පද්ධතියත් සමග ඉතා හොඳ තරඟයක් ඇති කරගනිමින් ලොව පුරා වේගයෙන් ව්‍යාප්ත වන ප්‍රභල linux පාදක මෙහෙයුම් පද්ධතියක් ලෙස හැඳින්වියහැක. 2012 වසරේ සමීක්ෂන වාර්තා අනුව Ubuntu යනු desktop හා laptop පරිගනක සඳහා ලොව ජනප්‍රියතම linux පාදක මෙහෙයුම් පද්ධතිය බවට හඳුනාගෙන තිබේ.
Ubuntu මෙහෙයුම්
පද්ධතිය නිර්මාණය කරනු ලබන්නේ දකුණු අප්‍රිකානු ව්‍යවසායකයෙකු වන Mark Shuttleworth විසින් ආරම්භ කරනලද Canonical සමාගම විසිනි. ඔවුන් මෙම මෙහෙයුම් පද්ධතිය පරිශීලකයින් වෙත සම්පූර්ණයෙන්ම නොමිලයේ ලබාදෙන අතර එහි කේතයද අවශ්‍ය නම් ලබාදේ. ඕනෑම පරිගනක ක්‍රමලේඛකයෙකුට එම කේතය ලබාගෙන අවශ්‍ය පරිදි වෙනස්කම් සිදු කිරීමට අවස්ථාව සලසා දී තිබීම සහ පිටපත් කිරීමේ සහ බෙදාහැරීමේ නිදහස මෙම මෙහෙයුම් පද්ධතිය Windows මෙහෙයුම් පද්ධතියට සාපේක්ෂව දක්වන සුවිශේෂී ගුනාංගයකි.
මේ
වනවිට Android සහිත ජංගම දුරකතන සඳහා Ubuntu mobile සංස්කරණයක් ද ඇත
මෙසේ
නොමිලයේ ලබාදීම මගින Canonical ආයතනය පවත්වාගෙන යාමට අවශ්‍ය මුදල් උපයාගන්නේ කෙසේදැයි දැන් ඔබට ගැටළුවක් මතු වනු ඇත. ඔවුන් මුදල් උපයන්නේ එම පරිශීලකයින් වෙත පද්ධතිය ස්ථාපනයෙන් පසු අවශ්‍ය වන විවිධ තාක්ෂණික සේවා සැපයීමෙනි.
http://www.ubuntu.com/download
වෙබ් අඩවියෙන් ඔබට Ubuntu මෙහෙයුම් පද්ධතිය නොමිලයේ භාගත කරගතහැකි අතර
http://www.ubuntu.com/tour/ මගින් ඔබට ඔබගේ web browser මෘදුකාංගය හරහාම Ubuntu මෙහෙයුම් පද්ධතියේ හැඩරුව පිළිබඳ යම් අවබෝධයක් ලබාගතහැක.
http://www.ubuntu.com/tour/ මගින් ඔබට ඔබගේ web browser මෘදුකාංගය හරහාම Ubuntu මෙහෙයුම් පද්ධතියේ හැඩරුව පිළිබඳ යම් අවබෝධයක් ලබාගතහැක.
Ubuntu Desktop |
Mac OS මෙහෙයුම් පද්ධතිය
Mac OS යනු
තවත් ඉතා ආකර්ෂනීය සහ කාර්යක්ෂම මෙහෙයුම් පද්ධතියකි. එහි ඇති ඉතා අලංකාර පරිශීලක අතුරු මුහුනත් (user interface)
මෙම පරිශීලක ආකර්ෂණය තවතවත් ඉහල යාමට හේතු වී ඇත. Mac OS මෙහෙයුම් පද්ධතිය Apple සමාගමේ නිශ්පාදනයක් වන අතර Apple Macintosh පරිගනක තුල භාවිතා කරයි. Mac OS හි ආරම්භයටත් 1980 දශකය තෙක් ම දිව යන අතීතයක් ඇත.
මෙම
මෙහෙයුම් පද්ධතිය ලබාදෙන්නේ Apple පරිගනක සමග පමනක් බැවින් Mac OS මෙහෙයුම් පද්ධතිය භාවිතා කිරීමට නම් ඔබට අනිවාර්යයෙන්ම Apple පරිගනකයක් මිලදී ගැනීමට සිදු වනු ඇත. නවතම සංස්කරනය OS X ලෙස නම් කර ඇත.
Mac OS Desktop |
Android මෙහෙයුම් පද්ධතිය
Android යනු
වර්ථමානයේ ඔබ අප බහුලවම භාවිතා කරන වචනයක් වී ඇත. නමුත් Android යන වචනය භාවිතා කරන බොහෝදෙනා එය භාවිතා කරන්නේ එහි නියම අරුත පිළිබඳ නිසි අවබෝධයකින් තොරව ය. Android යනු ජංගම දුරකතන මෙහෙයුම් පද්ධතියක් ලෙස සරළවම හඳුන්වාදිය හැක.
Android මෙහෙයුම්
පද්ධතිය නිපදවීම හා සංවර්ධනය කිරීම අප කවුරුත් හොඳින් හඳුනන Google සමාගම මගින් සිදු කරන අතර Android මෙහෙයුම් පද්ධතියෙන් බලගැන්වූ මුල්ම ජංගම දුරකතනය වෙලඳපොලට පැමිණියේ 2008 වසරේදී ය. එතැන් පටන් විවිධ කඩයිම් පසු කරමින් ක්‍රමයෙන් වැඩිදියුනු වූ Android අද වනවිට ලොව ජනප්‍රියතම ජංගම දුරකතන මෙහෙයුම් පද්ධතිය වී හමාර ය.
Linux පාදක
නිදහස් හා විවෘත කේත (Free and Open
Source) මෙහෙයුම් පද්ධතියක් වන Android අද වනවිට ලොව පුරා ජංගම දුරකතන වෙළඳපොලෙන් 50%ට වැඩි ප්‍රතිශතයක් ආක්‍රමණය කරමින් ඉතා සාර්ථකව ව්‍යාප්ත වෙමින් පවතී. ජංගම දුරකතන පමණක් නොව tablet පරිගනග වැනි වෙනත් ජංගම උපාංග (Mobile devices) සඳහාද අද වනවිට මෙම මෙහෙයුම් පද්ධතිය ඉතා සාර්ථකව භාවිතා කරයි.
Android මෙහෙයුම්
පද්ධතියේ විවිධ සංස්කරණ සඳහා භාවිතා කරන නාමකරණය ඒ තුල දක්නට ලැබෙන තවත් සිත් ඇදගන්නා ලක්ෂණයකි. එහි විවිධ සංස්කරණයන් පහත පරිදි නම් කර ඇත.
- 1.5 Cupcake
- 1.6 Donut
- 2.0/ 2.1 Éclair
- 2.2 / 2.2.3 Froyo
- 2.3 / 2.3.7 Gingerbread
- 3.0 / 3.2.6 Honeycomb
- 4.0 / 4.0.4 Ice Cream Sandwich
- 4.1 / 4.3 Jelly Bean
ඉහත
ආකාරයට රසවත් ආහාර වල නම් වලින් මෙම මෙහෙයුම් පද්ධතියේ විවිධ සංස්කරණ නම් කර ඇති අතර ඉදිරියේදී (2013 October) නිකුත් කිරීමට බලාපොරොත්තු වන නවතම 4.4 සංස්කරණය අප කවුරුත් ඉතා ප්‍රිය කරන Kit-Kat නමින් නම් කර ඇත.
අද
වනවිට Samsung,
Sony, Huawei, LG වැනි
බොහොමයක් ජංගම දුරකතන නිශ්පාදන සමාගම් Android මෙහෙයුම් පද්ධතිය සමග අත්වැල් බැඳගෙන සිටින අතර Android යනු සම්පූර්ණයෙන්ම නොමිලයේ ලබාදෙන මෙහෙයුම් පද්ධතියක් වීමද එය මෙතරම් ජනප්‍රියත්වයට පත්වීමට හේතු වී ඇත.
iOS මෙහෙයුම් පද්ධතිය
මෙය
Apple සමාගමේ නිශ්පාදනයක් වන අතර iPhone, iPod, iPad,
Apple TV වැනි
Apple නිශ්පාදන සමග ලබාදෙන මෙහෙයුම් පද්ධතියකි. Android,
Windows mobile මෙන්
නොව මෙම මෙහෙයුම් පද්ධතිය ලබාගතහැක්කේ Apple නිශ්පාදනයක් සමග පමණි.
Apple නිශ්පාදන
සමග පමණක් ලබාදෙන නිසා මෙම මෙහෙයුම් පද්ධතිය Android තරම් වේගයෙන් ව්‍යාප්ත නොවුනත් ලොව පුරා ජංගම දුරකතන මෙහෙයුම් පද්ධති අතුරින් 40% පමන කොටසක් අයත් කරගෙන සිටී. සරළ අතුරුමුහුනත් නිසා භාවිතයට ඇති පහසුවත්, ඉතා ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමට ඇති හැකියාවත් නිසා iOS යනු ප්‍රභල ජංගම දුරකතන මෙහෙයුම් පද්ධතියක් ලෙස හැඳින්විය හැකිය.
කෙසේ
වෙතත් මෙය Android මෙන් නොමිලයේ ලබා දෙන මෙහෙයුම් පද්ධතියක් නොවන අතර ප්‍රකාශණ හිමිකම් සහිත වානිජ මෙහෙයුම් පද්ධතියකි.
iOS 6 Homescreen |
මෙහෙයුම් පද්ධතියක් සතු කාර්‍යභාරය
ඉහත
සඳහන් කල ආකාරයේ Windows, Ubuntu,
Mac OS වැනි පුද්ගල පරිගනක මෙහෙයුම් පද්ධතියකින් වුවත් Android, iOS වැනි ජංගම දුරකතන මෙහෙයුම් පද්ධතියකින් වුවත් අපේක්ෂා කරන ප්‍රධානතම අරමුණු කිහිපයක් සලකා බලමු.
මෙහෙයුම්
පද්ධතියේ ප්‍රධානතම කාර්යයභාරය වනුයේ පරිගනකය ක්‍රියාත්මක කල අවස්ථාවේ සිට එය ක්‍රියා විරහිත කරන තෙක් ම පරිශීලකයාගේ අවශ්‍යතාවය අනුව විවිධ යෙදුම් මෘදුකාංග (Apps) සහ දෘඩාංග උපකරණ (Hardware devices)
උපරිම කාර්යක්ෂමතාවයකින් ක්‍රියාත්මක කරවීම මගින් පරිශීලක අවශ්‍යතා මනාව ඉටු කර දීමයි.
මීට
අමතරව භාවිතයට පහසු වන ආකාරයේ අතුරු මුහුනත් (interface) ලබාදීම, පරිශීලක දත්ත ආරක්ෂා කිරීම, දෘඩාංග කලමණාකරනය කිරීම, දෘඩ තැටිය තුල දත්ත ගබඩා කිරීම හා අවශ්‍ය අවස්ථාවන් වලදී එම දත්ත ආපසු ලබාගැනීම, පරිගනගයේ ඇති මතකය කලමණාකරනය (memory
management), වැනි කාර්යයන්ද මෙහෙයුම් පද්ධතිය ට පැවරේ.
ක්‍රියාකාරීත්වය අනුව මෙහෙයුම් පද්ධතියක් කොටස් කිහිපයකට වර්ගීකරණය කර දැක්වියහැක.
ඒක
පරිශීලක - ඒක කාර්ය (Single user – Single
tasking)
ඒක
පරිශීලක - බහු කාර්ය (Single user –Single
tasking)
බහු
පරිශීලක - ඒක කාර්ය (Multi user – Single
tasking)
බහු
පරිශීලක - බහු කාර්ය (Multi user – Multi
tasking)
මේවා
අතුරින් “ඒක පරිශීලක - ඒක කාර්ය” මෙහෙයුම් පද්ධති යනු ඉතා පැරනි මෙහෙයුම් පද්ධතීන් වේ. මේවා මගින් එක් වරකට එක් පරිශීලකයෙකුට එක් කාර්යක් පමනක් සිදු කලහැකි වේ.
වර්ථමාන
පුද්ගල පරිගනක හා ජංගම දුරකතන වල බෙහෙවින් භාවිතා වන්නේ “ඒක පරිශීලක - බහු කාර්ය” මෙහෙයුම් පද්ධතීන් වේ. එක් පරිශීලකයෙකුට එක් වරකට විවිධ ක්‍රියාවලීන් කිහිපයක් සිදු කල හැක. උදාහරණයක් ලෙස media player එකක් මගින් සංගීතයට සවන් දෙමින් web browser එකක් භාවිතා කර අන්තර්ජාලයට පිවිසීම දැක්වියහැක. මෙය Multi-tasking ලෙස හැඳින්වේ.
මෙම
ආකාරයේ පද්ධති තුල තිබියයුතු ප්‍රධානතම ගුනාංගය වනුයේ ක්‍රියාත්මක වෙමින් පවතින ක්‍රියාවලි සියල්ල පාලනය කිරීම සහ මධ්‍ය සකසනයේ (processor) උපරිම ඵලදායීතාවයක් ලැබෙන පරිදි එම ක්‍රියාවලීන් පෙලගැස්වීමයි (Process scheduling).
“බහු
පරිශීලක - ඒක කාර්ය” සහ “බහු පරිශීලක - බහු කාර්ය” මෙහෙයුම් පද්ධති ක්‍රියාත්මක වන්නේ තරමක් විශාල පරිගනක පද්ධති තුලය.විශාල පරිශීලකයින් පිරිසකට එකවර පද්ධතියට සම්බන්ධ වීමට ඇති හැකියාව මෙම පද්ධති වල ඇති විශේෂ ලක්ෂණයකි. විවිධ ආයතන තුල ඇති සේවා දායක පරිගනක (server), ලොව පුරා විසිරී ඇති වෙබ් සේවාදායක පරිගනක (web server) උදාහරන ලෙස දැක්වියහැක.
(විවිධ නිර්නායකයන් මත මෙහෙයුම් පද්ධතියක් තවදුරටත් වර්ගීකරණය කලහැකි නමුත් ඒ සියල්ල මෙම ලිපිය තුලින් ආවරනය කිරිම අපහසු බැවින් ඒවා මෙම ලිපිය තුලින් සාකච්ඡා නොකොරේ)
32 bit සහ 64 bit අතර වෙනස හඳුනාගනිමු
පරිගනකයක්
භාවිතා කරන බෝහෝ දෙනෙකුට ඇති තවත් විශාල ගැටළුවකි 32bit සහ 64bit මෙහෙයුම්
පද්ධති අතර වෙනස!
ඉහත
සඳහන් කල සියළු පුද්ගල පරිගනක(PC) මෙහෙයුම් පද්ධති 32bit සහ 64bit යන සංස්කරණ දෙකෙන්ම ලබාගතහැකි අතර ඔබේ පරිගනකයකට
ස්ථාපනය කලයුතු මෙහෙයුම් පද්ධතිය 64bit එකක්ද ද 32bit එකක්ද යන්න තීරණය කරනු ලබන්නේ එම පරිගනකයේ ඇති මධ්‍ය සකසන ඒකකය (CPU) එසේත් නැතිනම් අප හොඳින් දන්නා processor එක සහ අනෙකුත් දෘඩාංග මගිනි. එනම් ඔබේ පරිගනකයේ processor එක 32bit processor එකක් නම් ඔබ පරිගනකයට ස්ථාපනය කලයුත්තේ 32bit මෙහෙයුම් පද්ධතියකි. ඔබ සතුව ඇත්තේ 64bit processor එකක් නම් ඔබට 32bit හෝ 64bit යන මෙහෙයුම් පද්ධති වර්ග දෙකෙන් ඕනෑම එකක් ස්ථාපනය කලහැකි අතර වඩාත් සුදුසු වන්නේ 64bit මෙහෙයුම් පද්ධතියයි.
32bit processor එකක්
සහිත පද්ධතියකට ඔබට කිසි විටෙකත් 64bit මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කල නොහැකි අතර ස්ථාපනය කලහැක්කේ 32bit මෙහෙයුම් පද්ධතියක් පමණි.
64 bit processor එකක් සහිත පද්ධතියකට නම් ඔබට 32bit සහ 64bit යන මෙහෙයුම් පද්ධති දෙකෙන් ඕනෑම වර්ගයක් ස්ථාපනය කලහැකි නමුත් 64bit පද්ධතියකට 32bit මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කිරීමෙන් පද්ධතියේ උපරිම කාර්යක්ෂමතාවය ලබාගත නොහැක.
32bit සහ
64bit යන සංස්කරණ දෙකෙහි ඇති සාමාන්‍ය පරිශීලකයෙකු වෙත දැනෙන ප්‍රධානතම වෙනසක් වන්නේ 32bit මෙහෙයුම් පද්ධතියක් තුල භාවිතා කලහැකි උපරිම භෞතික මතක ප්‍රමාණය (RAM) 4GB ට සීමා වීමයි. නමුත් වර්ථමානයේ භාවිතා වන බොහොමයක් යෙදුම් මෘදුකාංග සඳහා 4GB RAM ධාරිතාවය ප්‍රමාණවත් නොමැත. 64bit පද්ධතියක් වෙත මාරු වීම මගින් මෙම ගැටළුව නිරාකරණය කරගතහැකි අතර එවිට එම සීමාව ඉතා ඉහල මට්ටමකට ඉහල නංවාගතහැක.
මීට
අමතරව ඔබ 32bit පද්ධතියකට 64bit පද්ධතියක් මගින් සිදු කරන සැකසුම් ප්‍රමාණය වැඩි බැවින් ඔබට 64bit පද්ධතියක වේගය තරමක් වැඩිය. නමුත් 64bit දෘඩාංග සහිත පද්ධතියකට 32bit මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කිරීම මගින් පද්ධතියේ උපරිම ක්‍රියාකාරීත්වය ලබාගත නොහැකි වේ.
වර්ථමාන
වෙළඳපොලේ ඇති සියළු multi-core
processor සහිත පරිගනක 64bit දෘඩාංග පද්ධතියක් ඇති ඒවා බැවින් එම පරිගනක තුලට 64bit මෙහෙයුම් පද්ධතියක් ම ස්ථාපනය කරගැනීමට සැලකිලිමත් වන්න.
(32bit සහ 64bit processors වල ඇති තාක්ෂණික වෙනස්කම් ඉදිරි ලිපියකින් බලාපොරොත්තු වන්න)
(32bit සහ 64bit processors වල ඇති තාක්ෂණික වෙනස්කම් ඉදිරි ලිපියකින් බලාපොරොත්තු වන්න)
ස්තුතියි!
මෙම
බ්ලොග් අඩවිය තව තවත් සාර්ථක කරගැනීමට ඔබගේ අදහස්, යෝජනා, චෝදනා සියල්ල අපිට_කියන්න ඔබ වෙනුවෙන් අපගේ e-mail ලිපිනය ඕනෑම අවස්ථාවක විවෘතයි.
Technology සිංහලෙන්
නවතම ලිපි පිළිබඳ තොරතුරු එසැනින් දැනගැනීමට අපගේ facebook රසික පිටුව සමග සම්බන්ධ වන්න.
මේ
ලිපිය වැදගත් කියලා හිතෙනවනම් යාලුවන්ටත් බලන්න share කරන්නත් අමතක කරන්න එපා.
තවත්
දිනයක මෙවන් තාක්ෂණික ලිපියකින් හමු වෙමු.
good post.. [Thumbs Up]
ReplyDeletethanks man.. stay connected :)
DeleteTechnology සිංහලෙන්: මෙහෙයුම් පද්ධති විවරණය >>>>> Download Now
Delete>>>>> Download Full
Technology සිංහලෙන්: මෙහෙයුම් පද්ධති විවරණය >>>>> Download LINK
>>>>> Download Now
Technology සිංහලෙන්: මෙහෙයුම් පද්ධති විවරණය >>>>> Download Full
>>>>> Download LINK 3q
ඉතා හෝද ලිපියක් , තවත් බොලෙග් ලියන්න ශක්තිය ලැබේවා.....
ReplyDeleteසුපිරි
ReplyDeleteසුපිරි
ReplyDeletethanks machn. thawa thawa blogs liyanna
ReplyDeleteසුපිරි
ReplyDeleteගොඩක් වටිනවා.ස්තුතියි
ReplyDeletemekanam super hama dema pahedili hodata therenawa.i wish you all the best
ReplyDeleteහොඳ පියවරක් ස්තුතියි
ReplyDelete