Ads 468x60px

කරදරකාර Ad වලට සුභ ගමන්





එදිනෙදා ජීවිතයේ විවිධ කටයුතු සඳහා විවිධ වෙබ් අඩවි වලට පිවිසීමේදී එම වෙබ් අඩවි හරහා නොයෙකුත් ආකාරයේ වෙලඳ දැන්වීම් ඔබ වෙත ඉදිරිපත් කරන ආකාරය පිළිබඳ අත්දැකීම් බොහොමයක් ඔබ සතුව ඇති. මෙම වෙළඳ දැන්වීම් බොහෝ විට ඔබ පිවිසීමට උත්සහ දරන වෙබ් පිටුවේ  විවිධ ස්ථාන වල හො pop-up කවුලු මතු කරමින් වෙබ් පිටුවට ඉහලින් හෝ දර්ශණය වන බව ඔබට දැකගතහැකි වේ. නමුත් මෙම වෙළඳ දැන්වීම් බොහෝ විට ඔබ වෙබ් පිටුව තුල ලබාගැනීමට බලාපොරොත්තු වූ තොරතුරට කිසිදු සම්බන්ධතාවයක් නොදක්වන අතර ඔබව වෙනත් වෙබ් පිටු වෙත යොමු කරමින් අදාල වෙබ් පිටුවේ අන්තර්ගතය ඔබට නිවැරදිව දැකගැනීමට බාධා ඇතිකරයි.

මෙම කරදරකාරී නාඳුනන වෙළඳ දැන්වීම් ඔබගේ web browser මෘදුකාංගයෙන් දර්ශනය නොවන ආකාරයට අවහිර කරගැනීම (block) සඳහා භාවිතා කළහැකි ඉතා හොඳ browser extension එකකි AdBlock Plus


Avast Free Antivirus 8 ප්‍රති-වෛරස් මෘදුකාංගයේ ඔබ නොදුටු පැතිකඩ








 තම පරිගනකය නිතර නිතර පරිගනක වෛරස් ප්‍රහාර වලට ලක්වීම යනු Windows මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන බොහෝ දෙනෙකුට ඇති විශාල ගැටළුවකි. ඕබ නිතර පරිගනකය භාවිතා කරන පුද්ගලයෙක් නම් ඔබේ එදිනෙදා ජීවන රටාවට දැඩි බලපෑමක් සිදු කිරීමට මෙම කුඩා පරිගනක වෛරස් වැඩසටහනකට හැකියාවක් තිබෙන බව ඔබ අත්දැකීමෙන් දන්නවා ඇති. ඕබේ පරිගනකයට හානිකර මෙවන් කුඩා වෛරස් වැඩසටහන් වලින් පරිගනකය ආරක්ෂා කරගැනීමට නම් ඔබට නිතැතින්ම ප්‍රති වෛරස්  මෘදුකාංගයක සහය ලබාගැනීමට සිදුවෙනවා.

සුරක්ෂිත හෙට දවසක් උදෙසා ශක්තිමත් මුර පදයක්







එදිනෙදා ජීවිතයේදී අන්තර්ජාලය භාවිතා කරන ඔබට password එකක් යනු නුහුරු දෙයක් නොවේ. නමුත් ඔබ භාවිතා කරන facebook, Gmail ගිනුම් මෙන්ම ඉතා ඉහල ආරක්ෂාවක් අවශ්‍ය වන ඔබගේ පෞද්ගලික බැංකු ගිනුම පවා වෙනත් පුද්ගලයෙකුගේ අනවසර ඇතුල්වීමකට ලක්වීම සඳහා ඔබ ඊට යොදා ඇති මුර පදය ඍජුවම බලපාන බව ඔබ දන්නවාද?

ඔබගේ නිවසේ, වාහනයේ හෝ මුදල් සේප්පුවේ භෞතික යතුරටත් වඩා ඉහල වටිනාකමක් ඔබේ අන්තර්ජාල ගිනුමේ මුර පදයට තිබෙන බව ඔබ දන්නවාද?


Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
 

අපිට like එකක් දාන්න

යාලුවන්ටත් බලන්න share කරන්න

Google+ පිටුව follow කරන්න

twitter යාලුවන්ට අපිව tweet කරන්න