Ads 468x60px

Avast Free Antivirus 8 ප්‍රති-වෛරස් මෘදුකාංගයේ ඔබ නොදුටු පැතිකඩ








 තම පරිගනකය නිතර නිතර පරිගනක වෛරස් ප්‍රහාර වලට ලක්වීම යනු Windows මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන බොහෝ දෙනෙකුට ඇති විශාල ගැටළුවකි. ඕබ නිතර පරිගනකය භාවිතා කරන පුද්ගලයෙක් නම් ඔබේ එදිනෙදා ජීවන රටාවට දැඩි බලපෑමක් සිදු කිරීමට මෙම කුඩා පරිගනක වෛරස් වැඩසටහනකට හැකියාවක් තිබෙන බව ඔබ අත්දැකීමෙන් දන්නවා ඇති. ඕබේ පරිගනකයට හානිකර මෙවන් කුඩා වෛරස් වැඩසටහන් වලින් පරිගනකය ආරක්ෂා කරගැනීමට නම් ඔබට නිතැතින්ම ප්‍රති වෛරස්  මෘදුකාංගයක සහය ලබාගැනීමට සිදුවෙනවා.




මෘදුකාංග වෙලඳපොලේ මෙවන් බොහෝ  ප්‍රති වෛරස්  මෘදුකාංග ඇතත් ඒවායින් බහුතරයක් මුදල් ගෙවා සේවාව ලබාගතයුතු වර්ගයේ මෘදුකාංග වේ. නමුත්ඇතැම් සමාගම් මුදලට ඉතා ඉහල සේවයක් සපයන අතරම එම නිෂ්පාදනයේම සීමිත සේවා ප්‍රමාණයකින් යුත් සංස්කරණයක් නොමිලයේ ලබාදීමටද කටයුතු කරයි. එදිනෙදා සරළ කටයුතු සඳහා භාවිතා කරනපුද්ගල පරිගනකයක්” (Personal Computer) ආරක්ෂා කරගැනීමට මෙවන් නොමිලයේ ලබාදෙන සංස්කරණයක් බෙහෙවින් ප්රමාණවත් වේ.

මෙලෙස නොමිලයේ ලබා දෙන ඉතා හොඳ තත්වයේ ප්රති වෛරස්  මෘදුකාංගයකි avast! Free Antivirus 8

Avast භාගත කරගැනීම, පරිගනකයේ ස්ථාපනය කරගැනීම සහ එයින් ලබාගතහැකි සේවාවන් පිළිබඳ යම් අවබෝධයක් ලබාදීම ඔබට මෙම ලිපියේ අරමුණයි.



Avast Free Antivirus 8 ස්ථාපනය කිරීමට තිබියයුතු අවම පද්ධති අවශ්‍යතා (Minimum system requirements)




  • Microsoft Windows 2000 Professional Service Pack 4, Microsoft windows XP service pack 2 හෝ ඉහල, Windows Vista, Windows7 , Windows 8  මෙහෙයුම් පද්ධතියක් (සියළු මෙහෙයුම් පද්ධති වල 32bit හා 64bit යන සංස්කරණයන් සඳහා ද්විත්වය සඳහාම සහය දක්වයි)
  • Intel pentium 3 හෝ ඉහල processor එකක්
  • 128MB හෝ වැඩි RAM එකක්
  • 400MB hard disk ඉඩ ප්රමාණයක්
  • 1027*768 නොඅඩු ressolution එකක් සහිත video out එකක්
  • අන්තර්ජාල සබඳතාවයක්






හරි එහෙනම්. මෙතන ඉඳන් තේරෙන භාෂාවෙන් කතාව පටන්ගමු. කලින් කිව්ව system requirements දැක්කම දුක හිතුනෙ නැති කවුරුත් මෙතන නැතුව ඇතිනෙ. එහෙනම් සේරටම කලින් Avast download කරගෙන ඉමු.





කට්ටිය කරදරයක් බාගන්න ඇති කියලා හිතනවා. දැන් තියෙන්නෙ install කරගන්න. සාමාන්‍ය software එකන් install කරන විදිහටම තමා කරන්න තියෙන්නෙ. download කරගත්තු “avast_free_antivirus_setup.exe” කියන file එක double click කරලා වැඩේ පටන්ගන්න




Setup එක run කලාම ඔයාලට ලැබෙන පළවෙනි window එකෙන් Install Free Antivirus කියන button එක click කරන්න.






දෙවනි පියවරේදි මෙන්න මේ විදිහෙ window එකක් ලැබෙයි.


මෙතනින් Express Install තෝරන්න. Avast සමග Google Chrome web browser එකත් install වෙනවා. ඒක අවශ්‍ය නැත්නම් window එකේ පහල තියන Yes, Install Google Chrome කියන check box එකේ හරි ලකුන ඉවත් කරන්න. දැන් Next click කරන්න.



ඉතිරි පියවර ටිකත් මේ විදිහට Next කරගෙන ඉදිරියට ගියාම අවසාන පියවරේදී ඔයාට මෙන්න මේ විදිහෙ window එකක් ලැබෙයි.








 මෙතනදි වෙන්නෙ ඔයාගෙ  software එක register කරන එක. බයවෙන්න එපා! මේකට කිසිම මුදලක් අය කරන්නෙ නෑ. අනිවාර්යයෙන්ම register කරගන්න..

ඔයාට ඔයාගෙ facebook ගිනුම ඇසුරින් හරි E-mail address එකෙන් හරි register වෙන්න පුලුවන්. ඊට පස්සෙ ඔයාට Avast account එකක් ලැබෙයි. සෑම මාස 12කට වරක් මේ registration එක අළුත් කරන්න ඕනෙ. හැබැයි කිසිම මුදලක් අය වෙන්නෙ නෑ.

ඔයා ඔයාගෙ පරිගනක කිහිපයකටම Avast දානවනම් එකම Avast account එකට උපකරණ ඔක්කොම link කරන්න පුලුවන්.

මේ විදිහට register කරගත්තට පස්සෙ my.avast.com වෙබ් පිටුවට පිවිසිලා ඔයාගෙ account එකට log වෙන්න පුලුවන්. එතනින් ඔයා avast install කරලා තියන අනිත් පරිගනක හෝ ජංගම දුරකතන වගේ උපකරණ වල ආරක්ෂක තත්වය ගැන විස්තරයක් අන්තර්ජාලය ඔස්සේම බලාගන්න පුලුවන්.

කොහොම කොහොම හරි account එකකුත් හදාගත්තට පස්සෙ අන්තිමටම ලැබෙන window එකෙන් Finish click කරන්න. එතකොට install කිරීම අවසන්.






දැන් බලමු Avast වලින් වැඩ ගන්නෙ කොහොමද කියලා.


මුලින්ම ඔයාගෙ desktop එකේ අළුතින් හැදිලා තියන තැඹිලි පාට avast! Free Antivirus කියන icon එක double click කරලා Avast Open කරගන්න. එහෙමත් නැත්නම් Start>All programs>avast! free antivirus කියන තැනට ගිහින් open කරගන්න පුලුවන්දැන් ඔයාගෙ system tray එකේ (task bar එකේ ඔරලෝසුව තියන තැන) පොඩියට Avast icon එකක් පෙනේවි. ඒක click කරලා ඔයාට ඕනෙ වෙලාවක Avast main window එක ලබාගන්න පුලුවන්.

අපේ පරිගනකයේ ආරක්ෂක තත්වය අනුව main window එක ප්‍රධාන වශයෙන් ආකාර තුනකට දැකගන්න පුලුවන්.

  • පලමු ආකාරය





ඔයාලගෙ main window එක විවෘත කලහම මෙන්න මේ විදිහට කොළ පාටින් දැකගන්න ලැබුනොත් ඒකෙන් අදහස් වෙන්නෙ දැනට පද්ධතියේ ආරක්ෂාව ගැන කිසිම ප්‍රශ්ණයක් නෑ කියන එකයි. ඔයා ආරක්ෂිතයි.




  • දෙවන ආකාරය





 බැරි වෙලාවත් ඔයාගෙ main window එක මේ විදිහට දර්ශණය උනොත් ඒකෙන් අදහස් වෙන්නෙ යාවත්කාල කිරීමේ (update) ගැටළුවක් හෝ real-time shield එකක් හෝ කිහිපයක් ක්‍රියා විරහිත වීමක් (shield ගැන විස්තර තව ඉස්සරහදි කියන්නම්) . මේ දෙකම වෙන්නත් පුලුවන්. තැඹිලි පාට කොටුවෙ පහල තියන RESOLVE ALL කියන button එක click කිරීමෙන් ගැටලුව නිරාකරණය කරගන්න පුළුවන්.




  • තුන්වන ආකාරය








Main window එක මේවගේ  රතු පාටින් දර්ශනය වෙනවනම් මේකෙන් අදහස් වෙන්නෙ ඔයා අනාරක්ෂිතයි කියන එක. Real-time shiled සියල්ල අක්‍රිරිය නම් තමයි මේ විදිහට දර්ශණය වෙන්නෙ. Shields ටික ආපහු ක්‍රියාත්මක කරගන්න RESOLVE ALL කියන button එක click කරන්න.





මොනවද මේ Real-time Shield?


Real-time Shield කියලා කියන්නෙ avast තුල තියන තත්කාලීන (real-time) ආරක්ෂක උපක්‍රමයක්. ඔයා පරිගනකය ක්‍රියාත්මක කරපු වෙලාවෙ ඉඳලා මේ real-time shields ස්වයංක්‍රීයව  ක්‍රි‍යාත්මක වෙලා පරිගනකයේ ක්‍රියාත්මක වෙන සෑම ක්‍රියාවලියක්ම අධ්‍යන කරනවා. පරිගනකයට හානිකර යම්කිසි දෙයක් හඳුනාගත්තොත් වෙලාවෙම ඒකට එරෙහිව ක්‍රියාත්මක වෙනවා.

Avast Free Antivirus 8 තුල ප්‍රධාන වශයෙන් මෙවන් විවිධ වර්ගයේ real-time shields 8ක් ක්රියාත්මක වෙන අතර ඔයාගෙ අවශ්‍යතාවය අනුව ඒවා ක්‍රියාත්මක කිරීම හෝ ක්‍රි කිරීම කරන්න පුලුවන්. නමුත් එසේ  අක්‍රි කිරීමෙන් ඔයාගේ පරිගනකයේ එම shield එකට අදාල ආරක්ෂාව නැති වෙලා යනවා. නිසා විශේෂ අශ්‍යතාවයක් නැත්නම් shields සියල්ල ක්‍රියාත්මක තත්වයේම තියන එක තමා වඩා හොඳ.

File system shield - මෙමගින් පරිගනකයේ ක්‍රියාත්මක වන වැඩසටහන් සහ දත්ත ගොනු පිළිබඳ අධ්යනය කරන අතර අනවශ්‍ය වැඩසටහන් සහ ගොනු ක්‍රියාත්මක වීමට උත්සහ කරන විට ඒවා වලක්වාලයි.

Web shield - අන්තර්ජාල පිරික්සුම් (browsing) සහ භාගත කිරීම් පිළිබඳ අධ්‍යනය කරන අතර අවධානම් සහගත වෙබ් පිටු වලට ප්‍රවේශ වීම අවහිර කරයි.

Mail shield - පරිගනකය තුල සිදුවන e-mail පණිවිඩ හුවමාරු පිළිබඳ අධ්‍යනය කරන අතර පරිගනකයට හානිකර වැඩසටහන් හෝ ගොනු හුවමාරු වීම අත්හිවුවයි

Network shield - පරිගනකය සම්බන්ඳ වී ඇති පරිගනක ජාලය තුල සිදුවන දත්ත හුවමාරු පිළිබඳ විශ්ලේශණය කරන අතර තුලින් පරිගනකයට ප්‍රවේශ වියහැකි  හානිකර වැඩසටහන් වලින් ආරක්ෂා කරයි

P2P shield - torrent වැනි peer to peer ජාල තුල සිදුවන දත්ත හුවමාරු සඳහා ආරක්ෂාව ලබා දේ

IM shield - chat වැඩසටහන් තුල සිදුවන දත්ත හුවමාරු පිළිබඳ ආරක්ෂාව සපයයි

Behaviour shield - පරිගනකය තුල සිදුවන ක්‍රියාකාරකම් අධ්‍යනය කරනු ලබන අතර malware වැනි හානිකර වැඩසටහන් හඳුනාගැනීමට උපකාරී වේ. මේ සඳහා විශේෂ සංකීර්ණ හඳුනාගැනීමේ උපක්රම (algorithm) භාවිතා වේ.

Script shield - පරිගනකය තුල හෝ අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක වීමට උත්සහ දරන සියළු ක්‍රමලේඛනයන් පිළිබඳ අධ්යනය කරන අතර හානිකර ක්‍රමලේඛණයන් අවහිර කරයි.




Main window එකෙන් Security කියන tab එකට පිවිසීමෙන් මෙම shield වල ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කරන්නත් ඒවායේ ක්‍රියාකාරීත්වය පාලනය කරන්නත් පුලුවන්.






 Security tab එකේම පහලින් Cloud Intelligence නමින් තවත් සැකසුමක් දැකගන්න පුලුවන්. මෙමගින් වෙන්නෙ ඔයාගේ පරිගනකය තුල ස්ථාපනය කරලා තියන Anti-virus software එක අන්තර්ජාලය සමග සම්බන්ඳ වෙලා ස්වයංක්‍රීයව යාවත්කාල වීම(update). කියන්නෙ අළුතින් නිපදවෙන පරිගනකයට හානිකර වැඩසටහන් සහ ඒවාට එරෙහිව ගතයුතු ක්‍රියාමාර්ග ගැන විස්තර  ස්වයංක්‍රීයව Avast සේවාදායක පරිගනක (server) වලින් ලබාගැනීමයි.

මීට අමතරව Reputation service මගින් ඔයා විවෘත ක්රන්න යන දත්ත ගොනු විවෘත කරන්න කලින් ගොනුවේ ආරක්ෂක තත්වය ගැන විමසීමක් කරලා බලනවා. මේ සඳහා ලොව සිටින අනෙකුත් avast පරිශීලකයින් විසින් එම ගොනුව භාවිතා කිරීමේදී ඇතිවූ ගැටළු ආදී විස්තර සඳහන් දත්ත පාදකයකින් (Database) තොරතුරු ලබාගැනීමක් සිදුවෙනවා.

ඔයාගෙ අභිමතය පරිදි මෙම ඕනෑම සැකසුමක් ක්‍රියා විරහිත කරන්නත් ඔයාට පුළුවන්.

ඔන්න ඔය විදිහට තමා Cloud Intelligence කියන ආරක්ෂක උපක්රමය අපේ පරිගනකයේ ආරක්ෂාව වෙනුවෙන් දායකත්වය දක්වන්නෙ. නිසා මෙම සෙවාවත් නිසි ලෙස ක්රියාත්මක තත්වයේ පවත්වාගන්න වගබලාගන්න ඕනෙ.

මීට අමතරව ඔයාට අවශ් වෙනත් ඕනෑම අවස්ථාවක Maintenance මෙනුවේ update උප මෙනුවට පිවිසීමෙන් ඔයාගේ software එක යාවත්කාලීන කරගන්න පුළුවන්. (Manual Update)









Manual Scan එකක් සිදු කිරීම


Avast real-time shield මගින් ස්වයංක්‍රීයව සිදුකරන පරීක්ෂාවන්ට අමතරව පරිශීලකයාගේ අවශ්‍යතාවය අනුව පරිගනකය scan කිරීමේ පහසුකමත් avast free antivirus මගින් ලබාගන්න පුලුවන්.  මේ සඳහා Security මෙනුව තුල ඇති Antivirus උප මෙනුවට පිවිසිය යුතුයි.








 Avast free antivirus මගින් පරිශීලකයා වෙත මෙවන් පෙර සැලසුම් කරන ලද (pre defined) manual scan වර්ග කිහිපයක් ලබා දී තිබෙනවා. මේවා අතරින්

Quick Scan මගින් ඉතා ඉක්මන් පරීක්ෂාවක් සිදු කරගත හැකි අතර මෙමගින් පරීක්ෂාවට ලක් කරන්නේ මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කර ඇති දෘඩ තැටි කොටස (system partition) පමණයි. විශේෂයෙන් exe , bat , com වැනි දිගු (extention) සහිත ගොනු පමණක් මෙම අවස්ථාවෙදී පරීක්ෂා කර බලයි.

Full System Scan මගින් පරිගනකයේ දෘඩ තැටියේ අන්තර්ගත සියළුම දත්ත ගොනු ආරම්භයේ සිට අවසානය දක්වාම සම්පූර්ණ පරීක්ෂාවකට ලක් කරන අතර මින් පෙර පරීක්ෂා කර අනතුරක් නොමැති බවට හඳුනාගත් ගොනු පවා මෙහිදී නැවත පරීක්ෂා කර බලයි. Quick Scan එකක් මගින් හඳුනාගත නොහැකි අනතුරු මෙමගින් හඳුනාගතහැකි අතර මෙම වර්ගයේ පරීක්ෂාවක් සම්පූර්ණ කිරීමට Quick Scan එකකට වඩා තරමක් විශාල කාලය ගතවේ.

Removable Media Scan මගින් පරිගනකයට සම්බන්දව ඇතිඉවත් කල හැකිදත්ත ගබඩා කරන උපකරණ (removable storage) පරීක්ෂාවට ලක් කරනු ලැබේ. පරිගනකයට සම්බන්ධිත USB Flash Drive (Pen drive), External Hard Drive වැනි උපකරණ පරීක්ෂා කිරීමට මෙම පරීක්ෂාව භාවිතා කලහැකි අතර එම උපකරණයක් තුල ඇති Auto-run වැඩසටහනක් ක්‍රියාත්මක වීමට උත්සහ දරන අවස්ථාවකදී මෙම පරීක්ෂාව ස්වයංක්රීයව සිදුවේ.

Selected Folder to Scan මගින් පරිශීලකයා විසින් දක්වන ලද ෆෝල්ඩරයක් හෝ කිහිපයක් තුල ඇති දත්ත පමණක් පරීක්ෂා ක්රීමේ හැකියාව ඇත

Boot Time Scan යනු ඉහත පරීක්ෂාවන් සියල්ලට අමතරව ලබාදී ඇති තවත් විශේෂිත වූ පරීක්ෂාවකි. මෙමගින් පද්ධතිය ක්රීයාත්මක වන (boot) සෑම අවස්ථාවකම පද්ධතිය පරීක්ෂාවකට ලක් කිරීම සිදුකලහැක. මෙහිදී පරීක්ෂා කලයුතු වපසරිය (area) සහ පරීක්ෂණයේ සංවේදී තාවය (sensitivity) වැනි සැකසුම් පරිශීලකයාට අවශ් ආකාරයට වෙනස් කලහැකි අතර සාමාන් පුද්ගල පරිගනකයක් සඳහා මෙම පරීක්ෂාව එතරම් අවශ් නොවේ.

මෙම සියළු පෙර සැලසුම් කරන ලද පරීක්ෂාවන්ට අමතරව ඔබගේ අවශ්යතාවය අනුව ඔබටම අනන්‍ය වූ පරීක්ෂාවක් අර්ථදක්වාගැනීමට (define) avast free antivirus 8 මෘදුකාංගය ඔබට අවස්ථාව සලසා දී තිබේ. ඔබ කලයුත්තේ scan window එකෙහි පහළ දකුණු කෙලවරෙහි ඇති Create Custom Scan යන button එක මත click කිරීමයි. එහිදී විවෘත වන නව කවුලුව හරහා ඔබට ඔබේ අවශ්‍යතාවය අනුව පරීක්ෂාවක් (scan) නිර්මාණය කරගතහැකි අතර මෙම ලිපියේ අන්තර්ගතය මගින් ඔබ මේ වනවිට ලබා ඇති දැනුම මෙම ක්‍රියාවලියෙහි ඉදිරියට යාමට බෙහෙවින් ප්රමාණවත් වනු ඇත.






Virus එකක් හඳුනාගත් විට


ඉහත සඳහන් ආකාරයෙන් විවිධ ආරක්ෂක උපක්‍ර හරහා ඔබගේ පරිගනකය තර්ජනාත්මක වැඩසටහන් වලින් ආරක්ෂා කරනු ලැබුවද මෙවන් Virus වැඩසටහනක් හඳුනාගත් විට එම තර්ජනයට ලක්වූ ගොනුව (inflected file) හඳුනාගත් මොහොතේම මකා දැමීමෙන් (delete) පරිගනකයේ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ක්‍රියාවලීන් සඳහා යම් බලපෑමක් වියහැක. මෙම අපහසුතාවය මගහරවාගැනීම සඳහා avast free antivirus 8 මෘදුකාංගය මගින් විශේෂිත වූ Virus Chest නම් පහසුකමක් ලබාදී ඇත.

මෙම Virus Chest යනු නිරෝධනයකට ලක් කරන ලද ප්රදේශයක් (quarantine area) ලෙස සරලව හැඳින්වීමට පුළුවන්. හානිකර ගොනුව තාවකාලිකව මෙම Virus Chest තුලට යොමු කිරීමෙන් පරිගනකයේ වත්මන් ක්‍රියාවලීන්ට බලපෑමක් ඇති නොවන ආකාරයට අදාල ගොනුව යම් නිරෝධනයකට යටත් කල හැක. මෙම Virus Chest තුලට යොමු කරන ලද ගොනුවකට කිසිම ආකාරයකින් පරිගනකයට හානිකර අන්දමින් හැසිරීමට ඉඩ ලබා නොදෙන අතර පසුව ඒවා ප්‍රතිසංස්කරණය කර (repair) යලි භාවිතයට ගැනීමට හෝ පරිගනකයෙන් ඉවත් කර දැමීමේ හැකියාව (delete) පරිශීලකයා සතු වේ.








 Virus Scan එකක් මගින් පරිගනකය තුල යම් Virus එකක් ඇති බව හඳුනාගත් පසු ඔබට එය ඉහත ඡායාරූපයේ ආකාරයට දැකගතහැකි වේ. SHOW RESULT මත CLICK කිරීමෙන් හඳුනාගත් හානිකර ගොනු සියල්ල දැකගතහැකි වන අතර එහිදී ඔබට ඒවා සඳහා කුමණ ආකාරයේ පියවරක් අනුගමනය කලයුතුද යන්න තෝරාගතහැක. උදාහරණයක් ලෙස එම ගොනු Delete කර දැමීම හෝ Virus Chest වෙත යොමු කිරීම වැනි ක්‍රියා මාර්ගයක් අනුගමනය කිරීමට පුළුවන්. අවසානයේ Apply මත click කර ඔබ ලබාදුන් තීරණය ක්‍රියාත්මක කලහැක.



Avast antivirus 8 හි නොමිලයේ ලබාදෙන සංස්කරණය මගින් ඔබට මෙවන් සේවාවන් ලබාගතහැකි අතර මුදල් ගෙවා ලබාගන්නා සංස්කරණ වල තවත් විශේෂ සේවාවන් රාශියක් ඔබට ලබාගත හැකනමුත් පෙර සඳහන් කල පරිදි එදිනෙදා සරල කටයුතු  ඔබ භාවිතා කරන පුද්ගල පරිගනකය (PC) ආරක්ෂා කරගැනීමට මෙම නොමිලයේ ලබා දෙන සංස්කරණය බෙහෙවින් ප්රමාණවත් වේ.


--------------



මෙම ලිපිය පිළිබඳව ඔබට ඇති ඕනෑම ගැටළුවක් හෝ අදහස් දැක්වීමක් සඳහා comment පහසුකම භාවිතා කරන්න.

ඊට අමතරව ඔබගේ අදහස්, යෝජනා, චෝදනා සියල්ල වෙනුවෙන් අපගේ e-mail ලිපිනය ඔබ වෙනුවෙන්ම විවෘතයි. Technology සිංහලෙන් නවතම තොරතුරු දැනගැනීමට අපගේ facebook පිටුව හා twitter ගිනුම සමග සම්බන්ද වෙන්න. තවත් දිනයක මෙවන් තාක්ෂණික ලිපියකින් හමු වෙමු.

අපත් සමග සැමදා රැඳී සිටින ඔබට ස්තුතියි!


8 comments:

  1. setup file akak thiyana software akaka virus akak thiyeddi setup file akath akkama delete wenawada???

    ReplyDelete
    Replies
    1. නෑ! avast ඔයාගෙ අවසරයකින් තොරව කිසිම file එකක් delete කරන්නෙ නෑ. ඔයා delete කරන්න අවසර දෙන තුරු අදාල හානිකර ගොනුව මැඩවපත්තන්න avast ට පුළුවන්. file එක run කරනවද නැත්නම් ආරක්ෂක පියවරක් අනුගමනය කරනවද කියන එක තීරණය කිරීමේ සම්පූර්ණ අයිතිය ඔයාට තියනවා.

      යම් ප්‍රමාණයකට inflect උන file එකක් repair කිරීමේ හැකියාවත් avast සතුයි. ඒ මගින් ඔයාගෙ files විනාෂ වීම හෝ delete කිරීමට සිදුවීම අවම කරගන්න පුළුවන්.

      අපත් සමග රැඳී සිටීම පිළිබඳව ස්තුතියි!

      Delete
  2. mama install karala thiyenne AVAST INTERNET Security guard eka eka Update karama illegal kiyala watenwa. eka hadaganna widiyak dannwada.

    activation code ekak ellanwa eke ekath dannwanam denwada?

    ReplyDelete
    Replies
    1. ඕයාගේ Internet Security එකේ license expire වෙලා ඇති. අළුතින් license සල්ලි දීලා ගන්න වෙනවා. හොර ඒවා දාන්න එපා. ඒවා දැම්මා කියලා update කරන්න බෑ. update කරන්න ගිය ගමන් හොර එකක් කියලා අහු වෙනවා.

      http://www.avast.com/internet-security වෙබ් අඩවියෙන් ඔයාට license සල්ලි ගෙවලා ගන්න පුළුවන්. එහෙම මිලදී ගැනීම අපහසු නම් avast free anti virus එක install කරගන්න. හැබැයි free antivirus එකෙන් Internet Security පහසුකම ලබාගන්න බෑ. virus වලින් ආරක්ෂාව ලබාගන්න විතරයි පුළුවන්.

      පිළිතුර ප්‍රමාණවත් මදි නම් නැවත අහන්න.
      ස්තුතියි!

      Delete

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
 

අපිට like එකක් දාන්න

යාලුවන්ටත් බලන්න share කරන්න

Google+ පිටුව follow කරන්න

twitter යාලුවන්ට අපිව tweet කරන්න