Ads 468x60px

Labels

Showing posts with label තාක්ෂණික. Show all posts
Showing posts with label තාක්ෂණික. Show all posts

IP, Proxy සහ DNS හඳුනාගනිමු








පරිගනක සහ අන්තර්ජාලය භාවිතා කරන ඔබට නිතරම අසන්නට ලැබෙන වචන තුනකි IP, Proxy සහ DNS. නමුත් ඔබ මෙම වචන වල අර්ථන නිවැරදිව දන්නවාද?

නැත!

ඔව්. අන්තර්ජාලයට සම්බන්ධ පරිගනකයක් භාවිතා කරන ඔබ සියළුදෙනාම මෙම IP, Proxy සහ DNS යන තාක්ෂණයන් අනිවාර්‍යයෙන්ම භාවිතා කරන නමුත් ඒවා මොනවාද යන්න සහ එම තාක්ෂණයන් ඔස්සේ අපගේ පරිගණක භාවිතය වඩාත් පහසු කරගන්නා ආකාරය පිළිබඳව නොදනී.


නැතිවම බැරි USB







අද වනවිට ඔබ එදිනෙදා ජීවිතයේදී ඔබේ පරිගණකය සමග විවිධ උපකරණ සම්බන්ධ කිරීමට වැඩි වශයෙන්ම යොදාගන්නා සම්බන්ධකය (connector) USB වී හමාරය. බොහෝ විට මේ අතරින් USB flash drive (Pen Drive) උපකරණය විශේෂ තැනක් හිමිකරගනී. මීට අමතරව ඔබේ Smartphone එක, Tablet PC, WebCam, Portable Hard Drive වැනි විව්ධ උපකරණ පරිගණකයත් සමග සම්බන්ධ කරගැනීමට USB port එක ඔබට උපකාරී වේ. නමුත් 21 වන සියවසේ ජීවත් වන අපට මෙතරම් ම සමීප මෙම USB නම් වූ අද්විතීය තාක්ෂණයට 1990 දශකය තරම් දුරකට දිවෙන අතීතයක් හිමි බව ඔබ දන්නවාද?

USB හි ආරම්භය, සංවර්ධනය, ක්‍රියාකාරීත්වය සහ අද වන විට ගොඩනගාගෙන ඇති විශිෂ්ඨ ප්‍රතිරූපය පිළිබඳව මදක් අවධානය යොමු කර බලමු.

Broadband තාක්ෂණයන් හඳුනාගනිමු




Broadband යන වචයන ඇසූ පමණින් ඔබේ සිහියට නැගෙනුයේ ඔබගේ අන්තර්ජාල සබඳතාවයයි. නමුත් අන්තර්ජාල සබඳතාවයක් යනු broadband තාක්ෂණයේ එක් ප්‍රායෝගික භාවිතයක් පමණි. අද වනවිට ලොව පුරා විශාල වශයෙන් පරිගනක සහ විව්ධ ඉලෙක්ට්‍රොනික උපාංග ව්‍යාප්ත වී ඇති අතර එම උපකරණ අතර අන්තර් සබඳතාවයක් පවත්වාගැනීමට විවිධ තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා කරනු ලැබේ. Broadband යනු එවන් තාක්ෂණික ක්‍රමවේදයකි.

Broadband තාක්ෂණයේ ක්‍රියාකාරීත්වය, ප්‍රායෝගික භාවිත සහ විවිධ broadband internet සබඳතා පිළිබඳව තොරතුරු මෙම ලිපියෙන් විමසා බලමු.



මෙහෙයුම් පද්ධති විවරණය


  



 එදිනෙදා ජීවිතයේදී විවිධ කාර්යයන් සඳහා පරිගණකයක් භාවිතා කරන ඕනෑම පුද්ගලයෙක් දැනුවත්ව හෝ නොදැනුවත්ව අනිවාර්යයෙන්ම පරිගනක මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරයි. මෙවන් විවිධ කටයුතු සඳහා පරිගනකයක් භාවිතා කරන පිරිස අතරින් ඉතා විශාල ප්‍රමාණයක් තමන් භාවිතා කරන මෙහෙයුම් පද්ධතිය කුමක්ද කියා වත් හරි හැටි නොදන්නා බව ඉතාමත් කණගාටුදායක තත්වයකි. මෙම නොදැනුවත් බව දුරු කිරීම උදෙසා පරිගනක මෙහෙයුම් පද්ධතියක් යනු කුමක්ද යන්න සහ එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව ඉතාමත් සරළ අයුරින් පැහැදිලි කරදීම මෙම ලිපියේ අරමුණයි.

කරදරකාර Ad වලට සුභ ගමන්





එදිනෙදා ජීවිතයේ විවිධ කටයුතු සඳහා විවිධ වෙබ් අඩවි වලට පිවිසීමේදී එම වෙබ් අඩවි හරහා නොයෙකුත් ආකාරයේ වෙලඳ දැන්වීම් ඔබ වෙත ඉදිරිපත් කරන ආකාරය පිළිබඳ අත්දැකීම් බොහොමයක් ඔබ සතුව ඇති. මෙම වෙළඳ දැන්වීම් බොහෝ විට ඔබ පිවිසීමට උත්සහ දරන වෙබ් පිටුවේ  විවිධ ස්ථාන වල හො pop-up කවුලු මතු කරමින් වෙබ් පිටුවට ඉහලින් හෝ දර්ශණය වන බව ඔබට දැකගතහැකි වේ. නමුත් මෙම වෙළඳ දැන්වීම් බොහෝ විට ඔබ වෙබ් පිටුව තුල ලබාගැනීමට බලාපොරොත්තු වූ තොරතුරට කිසිදු සම්බන්ධතාවයක් නොදක්වන අතර ඔබව වෙනත් වෙබ් පිටු වෙත යොමු කරමින් අදාල වෙබ් පිටුවේ අන්තර්ගතය ඔබට නිවැරදිව දැකගැනීමට බාධා ඇතිකරයි.

මෙම කරදරකාරී නාඳුනන වෙළඳ දැන්වීම් ඔබගේ web browser මෘදුකාංගයෙන් දර්ශනය නොවන ආකාරයට අවහිර කරගැනීම (block) සඳහා භාවිතා කළහැකි ඉතා හොඳ browser extension එකකි AdBlock Plus


Avast Free Antivirus 8 ප්‍රති-වෛරස් මෘදුකාංගයේ ඔබ නොදුටු පැතිකඩ








 තම පරිගනකය නිතර නිතර පරිගනක වෛරස් ප්‍රහාර වලට ලක්වීම යනු Windows මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන බොහෝ දෙනෙකුට ඇති විශාල ගැටළුවකි. ඕබ නිතර පරිගනකය භාවිතා කරන පුද්ගලයෙක් නම් ඔබේ එදිනෙදා ජීවන රටාවට දැඩි බලපෑමක් සිදු කිරීමට මෙම කුඩා පරිගනක වෛරස් වැඩසටහනකට හැකියාවක් තිබෙන බව ඔබ අත්දැකීමෙන් දන්නවා ඇති. ඕබේ පරිගනකයට හානිකර මෙවන් කුඩා වෛරස් වැඩසටහන් වලින් පරිගනකය ආරක්ෂා කරගැනීමට නම් ඔබට නිතැතින්ම ප්‍රති වෛරස්  මෘදුකාංගයක සහය ලබාගැනීමට සිදුවෙනවා.

Facebook ගිනුම සුරක්ෂිත කරගනිමු









අද වනවිට පරිගනක භාවිතා කරන පුද්ගලයින් අතරින් බොහෝ පිරිසක් Facebook සමාජ ජාල වෙබ් අඩවිය සමග සම්බන්ඳ වී සිටී. නමුත් ඔවුන් බොහෝ දෙනෙක් තම පෞද්ගලික තොරතුරු අනවශ්‍ය පුද්ගලයින් අතට පත් වීම වැනි අපහසුතාවයන්ට ලක්වන අතර තම Facebook ගිනුම වෙනත් පුද්ගලයින්ගේ පරිපාලනයට නතු වීම (Hack) වැනි ගැටළුකාරී අවස්ථාවන්ට මුහුනදීමට සිදුවේ.

මෙවන් අපහසුතාවයන්ට පත්වීමට බොහෝවිට හේතු වන්නේ Facebook වෙබ් අඩවිය තුල ඇති දෝෂ නොව තම Facebook ගිනුම තුල නිවැරදි ආරක්ෂක උපක්‍රම භාවිතා නොකිරීමයි.

ඔබේ Facebook ගිනුමේ ආරක්ෂාව ඉහල නංවාගැනීම සඳහා අනුගමනය කළහැකි සරළ උපක්‍රමයන් කිහිපයක් මෙම ලිපියෙන් සලකා බලමු.


Google Drive තුලින් 15GB දක්වා අන්තර්ජාල ඉඩ ප්‍රමාණයක් නොමිලේ







Google සමාහමෙන් හඳුන්වා දෙන Cloud Storage සේවාව Google Drive ලෙස හඳුන්වනු ලබන අතර Google Drive සේවාව මගින් එක් පරිශීලකයෙකු සඳහා අන්තර්ජාලය තුල 15GB ඉඩ ප්‍රමාණයක් නොමිලයේ ලබා දේ


Cloud Storage යනු අන්තර්ජාලය තුල ඔබට ලැබෙන හිස් ඉඩ ප්‍රමාණයකි. එය තුල ඔබගේ photo, video, document ආදී ඕනෑම ආකාරයක ගොනුවක් ඔබට ගබඩා කලහැකි අතර ලොව ඕනෑම තැනක සිට පහසුවෙන් අන්තර්ජාලය ඔස්සේ ඒවා වෙත පිවිසීමේ හැකියාව ලබා දේ. මෙම සේවාව නිසා තව දුරටත් ඔබට ඔබේ දත්ත ගොනු තැනින් තැනට රැගෙන යාම සඳහා CD හෝ Pen Drive (Flash Drive) භාවිතා කිරීමට සිදු වීම අවම කරගතහැක. 

නිවසේ ඇති WiFi ජාලය වඩා ආරක්ෂාකාරී එකක් කරගනිමු



ඔයාලා හැමෝම WiFi ගැන ගොඩක් අහලා ඇති කියලා හිතනවා. අහල විතරක් නෙවෙයි. සමහරු ගොඩක්දේවල් දන්නවත් ඇති. ගොඩක් අය එදිනෙදා ජීවිතේදි WiFi නිතර භාවිතා කරනවත් ඇති. කොටින්ම කිව්වොත් ඔයාලගෙ ගෙදර WiFi Network එකක් ඇතිනෙ. Slt එකෙන් ඇවිත් Router එක හයි කරලා ගියාට පස්සෙ ඔයාල ඒක පාවිච්චි කරා මිසක් ඒකෙ ආරක්ෂාව ගැන නිකමට වත් හිතුවෙ නෑ නේද?

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
 

අපිට like එකක් දාන්න

යාලුවන්ටත් බලන්න share කරන්න

Google+ පිටුව follow කරන්න

twitter යාලුවන්ට අපිව tweet කරන්න