Ads 468x60px

Google Drive තුලින් 15GB දක්වා අන්තර්ජාල ඉඩ ප්‍රමාණයක් නොමිලේ







Google සමාහමෙන් හඳුන්වා දෙන Cloud Storage සේවාව Google Drive ලෙස හඳුන්වනු ලබන අතර Google Drive සේවාව මගින් එක් පරිශීලකයෙකු සඳහා අන්තර්ජාලය තුල 15GB ඉඩ ප්‍රමාණයක් නොමිලයේ ලබා දේ


Cloud Storage යනු අන්තර්ජාලය තුල ඔබට ලැබෙන හිස් ඉඩ ප්‍රමාණයකි. එය තුල ඔබගේ photo, video, document ආදී ඕනෑම ආකාරයක ගොනුවක් ඔබට ගබඩා කලහැකි අතර ලොව ඕනෑම තැනක සිට පහසුවෙන් අන්තර්ජාලය ඔස්සේ ඒවා වෙත පිවිසීමේ හැකියාව ලබා දේ. මෙම සේවාව නිසා තව දුරටත් ඔබට ඔබේ දත්ත ගොනු තැනින් තැනට රැගෙන යාම සඳහා CD හෝ Pen Drive (Flash Drive) භාවිතා කිරීමට සිදු වීම අවම කරගතහැක. 





මෙවන් Cloud Storage සේවාවන් සපයන තවත් ආයතන බොහොමයක් තිබුනද Google Drive සේවාව ඒ අතරින් වඩාත් ජනාදරයට පත් වී ඇත. Google plus, Gmail, Google calender, Google Maps, Google chrome වැනි Google සමාගම මගින් සපයනු ලබන අනෙකුත් සේවාවන් සමග ඉතා පහසුවෙන් ක්‍රියා කිරීමට ඇති හැකියාව, Google සමාගම ලොව පුරා හිමි කරගෙන ඇති කීර්ති නාමය සහ ඔවුන් සතුව ඇති සුපිරි ආරක්ෂාවකින් යුත් පරිගණක පද්ධති මෙම ඉහල ජනප්‍රියත්වයට බොහෝ සෙයින් හේතු වී ඇත.

ඔබගේ ඡායා රූප, වීඩියෝ, වැදගත් ලිපි ගොනු වැනි දෑ  ඔබට Google Drive වෙත upload කළහැක. ඉන් පසු වෙනත් ඕනෑම ස්ථානයක සිට අන්තර්ජාලය ඔස්සේ ඔබේ Google Drive ගිනුමට log වී එම ලිපි ගොනු අවශ්‍ය විට ලබාගැනීමේ හෝ වෙනස් කිරීමේ හැකියාව ලැබේ. පරිගණක කිහිපයකින් එකම Google Drive ගිනුමක් වෙත ප්‍රවේශ වී සිටින විට එක් පරිගනකයකින් ගොනු වලට කරන වෙනස්කම් එවෙලේම (Real-time) සම්බන්ද වී සිටින අනෙකුත් පරිගනක වලින්ද දැකබලාගැනීමේ පහසුකමද මේ සමගම ඔබට ලැබේ.
මීට අමතරව ඔබ upload කරන ලද ගොනු අතරින් තෝරාගත් ගොනුවක් හෝ කිහිපයක් පමණක් වෙනත් Google accounts අතර share කිරීමේ පහසුකම හා එම අනෙකුත් පරිශීලකයන් හට එම ගොනුව කියවීමට පමණක් හෝ වෙනස්කම් කිරීමට ද හැකි වන පරිදි වරප්‍රසාද ලබා දීමක් ද මෙමගින් සිදු කළ හැක.




Google Drive ගිනුමක් සාදාගැනීම

ඔබ දැනටමත් Google ගිනුමක් භාවිතා කරන පුද්ගලයෙකු නම් www.drive.google.com/  වෙත පිවිසී ඔබගේ Gmail ලිපිනය සහ මුර පදය ලබා දී Google Drive ගිනුමට ප්‍රවේශ විය හැකි අතර දැනට ඔබ Google හි ලියාපදිංචි නොමැති නම් ඉහත සබැඳුමෙන් විවෘත වන පිටුවෙහි ඉහල දකුණු කෙළවරෙහි ඇති SIGN UP මත click කිරීමෙන් ඉතා පහසුවෙන් නව Google ගිනුමක් සාදාගතහැක.







මේ ආකාරයෙන් ඔබගේ Google Drive ගිනුම තුලට ප්‍රවේශ වූ පසු තිරයේ පසු දකුනු පස ඇති CREATE මගින් ඔබට Drive එක තුල නව Folder එකක් හෝ විවිධ වර්ගයෙ නව ගොනු නිර්මාණය කලහැකි අතර ඉහලට හැරුණු කුඩා ඊ  හිසක් ලෙස ඇති Upload button එක මත click ක්‍රීමෙන් ඔබේ පරිගනකයේ ඇති ඕනෑම ගොනුවක් Google Drive වෙතට upload කල හැක.







තිරයේ වම් පස පහලින් ඇති Download Drive for PC සබැඳුමෙන් ඔබේ පරිගනකය වෙත Google Drive Client මෘදුකාංගය භාගත කරගතහැකි අතර එමගින් Google Drive ගිනුමේ ඇති ගොනු ඔබේ පරිගනකය වෙත ස්වයංක්‍රීයව ලබාගත හැකි අතර පරිගනකයේ තෝරාගත් ගොනුවක් හෝ folder එකක් Drive වෙත upload කල හැක (Auto Sync).

(අවාසනාවන්ත ලෙස තවමත් Google Drive PC Client මෘදුකාංගයේ linux මෙහෙයුම් පද්ධති සඳහා සංස්කරණයක් ලබාදී නැත)


Android සහ iOS මෙහෙයුම් පද්ධතිය සහිත ජංගම උපකරණ සඳහා ද Google Drive mobile app එක භාගත කරගතහැකි අතර එමගින් ඔබේ Desktop පරිගනකය, ජංගම දුරකතනය, Laptop පරිගනකය වැනි සියළු උපකරණ Google Drive සමග සම්බන්ඳ කිරීමෙන් ඔබේ අවශ්‍යතාවය අනුව ඕනෑම අවස්ථාව්ක ඔබේ ඡායා රූප, ගීත, හෝ ලිපිගොනු එම සියළුම උපකරණ හරහා පරිශීලනය කළහැකි වේ. මෙමගින් තවදුරටත් ඔබේ ජංගම දුරකතනයට file copy > paste කිරීම අත්‍යවශ්‍ය කරුණක් නොවනු ඇත. 







මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස් comment හරහා යොමු කරන්න
ඔබගේ යෝජනා චෝදනා අදහස් සියල්ල වෙනුවෙන් අපගේ e-mail ලිපිනය ඔබ වෙනුවෙන් විවෘතයි

නවතම ලිපි පිළිබඳ තොරතුරු දැනගැනීමට "Technology සිංහලෙන්" facebook රසික පිටුව වෙත සම්බන්ද වන්න.

තවත් මෙවන් තාක්ෂණික ලිපියකින් හමුවෙමු.
අපත් සමග සැමදා රැඳී සිටින ඔබට ස්තුතියි!




No comments:

Post a Comment

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
 

අපිට like එකක් දාන්න

යාලුවන්ටත් බලන්න share කරන්න

Google+ පිටුව follow කරන්න

twitter යාලුවන්ට අපිව tweet කරන්න