Ads 468x60px

Windows XP අවසන් ගමන් යයි






සියළු පරිගනක මිතුරන්ගේ දැනගැනීම පිණිසයි!


ඔයාලා දන්නවද Microsoft සමාගම Windows XP මෙහෙයුම් පද්ධතිය සඳහා දක්වන සියළු සහයන්  2014 අප්‍රේල් 8 දිනෙන් පස්සෙ නවත්තනවා කියලා? ඔව්. Windows XP මෙහෙයුම් පද්ධතිය වෙනුවෙන් Microsoft ආයතනයෙන් සේවාවන් ලබාදෙන්නෙ 2014-04-08 දක්වා පමණයි.


දැං ඉතින් සමහරුන්ට හිනාත් යයි. මොකද XP කියන්නෙ ගොඩක් පරණ OS එකක්. දැන් බොහොමයක් දෙනා XP පාවිච්චි කරන්නෙ නැති නිසා. නමුත් තවමත් XP පාවිච්චි කරන අය අපි අතර ඕනෙ තරම් ඉන්නවා. ඉතින් අයට වෙන්න යන ලොකු අනතුරක් ගැන තමා කියන්න යන්න. කලින්ම දැනගෙන හානිය අවම කරගන්න උත්සහ කරන්න.

කලින් කිව්වා වගේ Microsoft සමාගම Windows XP මෙහෙයුම් පද්ධතිය සඳහා දක්වන සියළු සහයන්  2014-04-08 දිනෙන් පස්සෙ නවත්තනවා. කියන්නෙ එතනින් පස්සෙ ‍XP වල ඇතිවෙන කිසිම දෝෂයකට Microsoft වෙතින් කිසිම විසඳුමක් ලබාදෙන්නෙ නෑ. වගේම ඒ දෝෂ නිසා අපේ පරිගනක පද්ධති වලට වෙන හානි වලට Microsoft සමාගම වගකියන්නෙත් නෑ.

ඒත් අපේ ගොඩක් අය දාගෙන ඉන්නෙ හොර Windows නෙ. නිසා අපි කොහොමත් ඔය Microsoft services ගන්නෙ නෑ. ඉතින් අපිට මොකද්ද ඕකෙ තියන බලපෑම කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. හ්ම්ම්... කතාව ඇත්ත. ඒත් අයටත් මේකෙන් ලොකු බලපෑමක් තියෙනවා.

ඔයාලා දන්නව ඇතිනෙ ලෝකෙ තියන පරිගනක මෙහෙයුම් පද්ධති අතරින් වැඩිම පරිගනක virus වැඩසටහන් ප්‍රමාණයක් නිර්මාණය වෙලා තියෙන්නෙ Windows මෙහෙයුම් පද්ධතියට එරෙහිව කියලා. කියන්නෙ වැඩිපුරම ඉන්නෙ windows හැකර්ලා. මේ අය virus එකක් හදලා දාපු ගමන් Microsoft ආයතනය කරන්නෙ ඒකට පැච් එකක් දාලා අප්ඩේට් එකක් එවන එක. නමුත් Service එක දෙන එක නැවැත්තුවාම පැච් දාන්න කෙනෙක් නෑ. හැකර් අයියලාට ඕනෙ විදිහට නටන්න පුළුවන්. ඉතින් එයාලා මේ දවස් වල එයාලගෙ අළුත් වයිරස් මුදාහරින්නෙ නැතුව ඉන්නෙ service එක නැවැත්තුවට පස්සෙම එලියට දාන්න. නැත්නම් Microsoft එකෙන් පැච් එකක් දාපු ගමන් එයාලගෙ මහන්සිය අපතෙ යන නිසා.

ඔන්න ඕකයි කතාව. ඉතින් අපේ මේ යාළු හැකර් සහෝදරයො ටික බලන් ඉන්නෙ 2014-04-08 පහුවෙනකන් එයාලගෙ වැඩකිඩ පෙන්නන්න. නිසා කියන දවසට පස්සෙ XP මෙහෙයුම් පද්ධති තියන පරිගනක වලට එකපාරම virus වැඩසටහන් තොගයක් ගලාගෙන එන්න පටන්ගනී. විශේෂයෙන් අන්තර්ජාලයට සම්බන්ධ වෙලා තියන ඒවට.

නිසා ප්‍රමාද නොවී දැන්ම XP වලින් Windows 7 වලට මාරුවෙන්න පටන්ගන්න. කොහොමත් 7 කියන්නෙ XP වලට වඩා ඉතාමත් හොඳ ස්ථාවර මෙහෙයුම් පද්ධතියක්. (8 ගැන නම් කතා කරලා වැඩක් නෑ).

කොහොම උනත් කියන්න තියෙන්නෙ ඉක්මනින් XP වලින් ඉවත්වෙන්න කියන එක තමා.

ඔයාලගෙ යාළුවන්වත් මේ ගැන දැනුවත් කරන්න.

එහෙනම් හැමෝටම සුභ දවසක්. නැවත දවසක හමු වෙමු.
අපිට like කරන්න, share කරන්න අමතක කරන්න එපා.
පෝස්ට් එක වැදගත් කියලා හිතෙනවනම් +1 එකක් දාන්න.



෴ස්තුතියි෴


No comments:

Post a Comment

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
 

අපිට like එකක් දාන්න

යාලුවන්ටත් බලන්න share කරන්න

Google+ පිටුව follow කරන්න

twitter යාලුවන්ට අපිව tweet කරන්න