Ads 468x60px

කරදරකාර Ad වලට සුභ ගමන්





එදිනෙදා ජීවිතයේ විවිධ කටයුතු සඳහා විවිධ වෙබ් අඩවි වලට පිවිසීමේදී එම වෙබ් අඩවි හරහා නොයෙකුත් ආකාරයේ වෙලඳ දැන්වීම් ඔබ වෙත ඉදිරිපත් කරන ආකාරය පිළිබඳ අත්දැකීම් බොහොමයක් ඔබ සතුව ඇති. මෙම වෙළඳ දැන්වීම් බොහෝ විට ඔබ පිවිසීමට උත්සහ දරන වෙබ් පිටුවේ  විවිධ ස්ථාන වල හො pop-up කවුලු මතු කරමින් වෙබ් පිටුවට ඉහලින් හෝ දර්ශණය වන බව ඔබට දැකගතහැකි වේ. නමුත් මෙම වෙළඳ දැන්වීම් බොහෝ විට ඔබ වෙබ් පිටුව තුල ලබාගැනීමට බලාපොරොත්තු වූ තොරතුරට කිසිදු සම්බන්ධතාවයක් නොදක්වන අතර ඔබව වෙනත් වෙබ් පිටු වෙත යොමු කරමින් අදාල වෙබ් පිටුවේ අන්තර්ගතය ඔබට නිවැරදිව දැකගැනීමට බාධා ඇතිකරයි.

මෙම කරදරකාරී නාඳුනන වෙළඳ දැන්වීම් ඔබගේ web browser මෘදුකාංගයෙන් දර්ශනය නොවන ආකාරයට අවහිර කරගැනීම (block) සඳහා භාවිතා කළහැකි ඉතා හොඳ browser extension එකකි AdBlock Plus



 Adblock Plus යනු ඔබගේ web browser මෘදුකාංගය තුලට ස්ථාපනය (install) කරගතහැකි කුඩා extension වැඩසටහනකි. මෙමගින් ඔබ පිවිසෙන වෙබ් පිටු අධීක්ෂනය කරනු ලබන අතර ඒවා තුල ඇති ඉහත සඳහන් කල ආකාරයේ කරදරකාරී වෙළඳ දැන්වීම් ඔබ වෙත ඉදිරිපත් වීම අවහිර කරනු ලබයි. මේ සඳහා Adblock Plus වැඩසටහන එහි නිර්මාතෘ සමාගම විසින් පවත්වාගෙන යනු ලබන දත්ත පාදකයකින් (Database) තොරතුරු ලබාගන්නා අතර ඔවුන් එම දත්ත නිරතුරුව යාවත්කාලීන (update) කරන බැවින් ඔබට ඉතා පහසු සහ නිදහස් අන්තර්ජාල අත්දැකීමක් ලබාගැනීමට AdBlock Plus බෙහෙවින් උපකාරී වේ.

AdBlock Plus කරදරකාරී වෙළඳ දැන්වීම් පමණක් නොව ඔබේ පරිගනකයට හානිකර ආකාරයෙන් අන්තර්ජාලය ඔස්සේ අනවසරයෙන් ක්‍රියාත්මක වීමට උත්සහ කරන malware වැඩසටහන් වලින්ද ඔබව ආරක්ශා කරයිමෙ මගින් ඔබ පිවිසීමට උත්සහ කරන වෙබ් පිටුවේ අන්තර්ගතය කිසිදු ආකාරයකින් අවහිර නොකරන අතර ඔබට අවශ්‍ය ඕනෑම අවස්ථාවක AdBlock Plus ක්‍රියා විරහිත කර අදාල වෙබ් පිටුව වෙළඳ දැන්වීම් සහිතව උවද නැරඹීමේ හැකියාව ඇත.

කෙසේ වෙතත් මෙම වැඩසටහන අන්තර්ජාලයේ ඇති සියළුම වෙළඳ දැන්වීම අවහිර නොකරන අතර පරිශීලකයන් හට කරදරයක් නොවන සහ අදාල වෙබ් අඩවි හිමිකරු විසින් අනිවාර්යයෙන්ම දර්ශණය කල යුතු ඇතැම් වෙළඳදැන්වීම් සඳහා දර්ශනය වීමට අවස්ථාව ලබා දේ.










AdBlock Plus භාගත කිරීම සහ ස්ථාපනය




AdBlock Plus යනු සම්පූර්ණයෙන්ම නොමිලයේ ලබාදෙන නිදහස් හා විවෘත මූලාශ්‍ර (Free and Open Source) මෘදුකාංගයකි. adblockplus.org වෙබ් අඩවියෙන් ඔබට මෙය නොමිලයේ ඔබගේ web browser එකට install කරගතහැක.

මෙම වැඩසටහන සහය දක්වන්නේ Mozilla Firefox, Google Chrome, Opera, Internet Explorer යන web browser මෘදුකාංග සඳහා පමණි. මීට අමතරව ජංගම දුරකතන අතරින් Android සඳහා සංස්කරණයක් ඇත.








මෙම ලිපිය පිළිබඳ ඔබේ අදහස් comment හරහා යොමු කරන්න.
මෙය ඔබට ප්‍රයෝජනවත් වූයේ නම් ඒ පිළිබඳව vote එකක් ලබාදෙන්නත් අමතක කරන්න එපා.

මෙම blog අඩවිය තව තවත් වැඩි දියුනු කරගැනීමට ඔබගේ වටිනා අදහස්, යෝජනා අප වෙත යොමු කරන්න. අපගේ e-mail ලිපිනය ඔබ වෙනුවෙන් විවෘතයි.

නවතම ලිපි පිළිබඳව එසැනින් දැනගැනීමට අපගේ facebook රසික පිටුව සහ twitter ගිනුම සමග සම්බන්ධ වන්න.

තවත් මෙවන් තාක්ෂණික ලිපියකින් හමු වෙමු.
සැමදා අපත් සමග රැඳී සිටින ඔබට ස්තුතියි!

No comments:

Post a Comment

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
 

අපිට like එකක් දාන්න

යාලුවන්ටත් බලන්න share කරන්න

Google+ පිටුව follow කරන්න

twitter යාලුවන්ට අපිව tweet කරන්න