Ads 468x60px

සුරක්ෂිත හෙට දවසක් උදෙසා ශක්තිමත් මුර පදයක්







එදිනෙදා ජීවිතයේදී අන්තර්ජාලය භාවිතා කරන ඔබට password එකක් යනු නුහුරු දෙයක් නොවේ. නමුත් ඔබ භාවිතා කරන facebook, Gmail ගිනුම් මෙන්ම ඉතා ඉහල ආරක්ෂාවක් අවශ්‍ය වන ඔබගේ පෞද්ගලික බැංකු ගිනුම පවා වෙනත් පුද්ගලයෙකුගේ අනවසර ඇතුල්වීමකට ලක්වීම සඳහා ඔබ ඊට යොදා ඇති මුර පදය ඍජුවම බලපාන බව ඔබ දන්නවාද?

ඔබගේ නිවසේ, වාහනයේ හෝ මුදල් සේප්පුවේ භෞතික යතුරටත් වඩා ඉහල වටිනාකමක් ඔබේ අන්තර්ජාල ගිනුමේ මුර පදයට තිබෙන බව ඔබ දන්නවාද?



ඔව්! එතරම්ම වටිනාකමක් ඔබගේ අන්තර්ජාල මුර පදයට තිබෙනවා. ඔබගේ නිවසේ යතුර සොරාගත් අයෙකුට ඉන් ප්‍රයෝජන ගැනීමට නම් ඔබගේ නිවසටම පැමිණිය යුතුයි. මුදල් සේප්පුවේ යතුර සොරාගත් අයෙකුට ඉන් මුදල් ලබාගැනීමට නම් සේප්පුව තිබෙන තැනටම පැමිණිය යුතුයි.

නමුත්, ඔබේ e-mail ගිනුමේ මුර පදය සොරාගත් අයෙකුට ලොව ඕනෑම තැනක සිට ඔබගේ e-mail ගිනුමට ප්‍රවේශ වියහැකිය. ඔහුට අවශ්‍ය වන්නේ අන්තර්ජාල සබඳතාවයක් පමණි.

නිසා ඔබ එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන විවිධ අන්තර්ජාල කටයුතු වලදී යොදාගන්නා මුර පද ඉතා සුරක්ෂිතව තබාගැනීමට වග බලාගන්න. ඒවා නොදන්නා අයෙකුගේ අතට පත්වීමෙන් ඔබ නොසිතනා තරම් ඔබගේ පෞද්ගලිකත්වයට හානි සිදුවීමට පුළුවන්.

ඔබගේ මුර පදය ඉතා සරළ, පහසුවෙන් උපකල්පනය කිරීමට හැකි වන ආකාරයේ එකක් නම් ඉතා පහසුවෙන් ඔබගේ අන්තර්ජාල ගිනුම වෙනත් පුද්ගලයෙකුගේ පාලනයට නතු වීමේ හැකියාවක් ඇත. නිසා ඔබ මුර පදයක් නිර්මාණය කිරීමේදී කරුණු කිහිපයක් පිළිබඳව සැලකිලිමත් වියයුතුය.

  1. මුර පදයේ දිග
  2. සංකීර්ණ බව
  3. නිතර නිතර වෙනස්වන සුළු බව
  4. විවිධත්වය


මෙම කරුණු පිළිබඳ අවධානයෙන් සිටීමෙන් ඔබගේ මුරපදය වඩාත් සුරක්ෂිත, ශක්තිමත් එකක් බවට පත්කරගතහැක. ඉහත කරුණු පිළිබඳව විස්තරාත්මකව සලකා බලමු.


ඔබගේ මුරපදය අවම වශයෙන් අකුරු 8ක් වත් දිගු එකක් වීමට සැමවිටම වගබලාගන්න. මෙවිට ඔබගේ මුරපදය සාමාන්‍ය පුද්ගලයෙකුට හෝ මෘදුකාංගයකට උපකල්පනය කිරීම අපහසු වේ. (මෙයින් ඔබේ මුර පදය අකුරු අටකට සීමා වියයුතු බව අදහස් නොවන අතර අවම වශයෙන් අකුරු 8ක් වත් භාවිතා කලයුතු බව මතක තබාගන්න.)

ඔබගේ මුර පදයේ සංකීර්ණ බව එහි සුරක්ෂිතතාවයට බෙහෙවින් බලපායි. හැකි තාක්කැපිටල්හාසිම්පල්අකුරු මිශ්‍ර වන ආකාරටට මුර පදය ගොඩනගන්න. $.%.&.! වැනි සංකේත හා ඉලක්කම් මුර පදයේ තැනින් තැන යොදන්න. නමුත් ඉහත යෙදීම කිසිම රටාවකට අනුකූලව යොදන්න එපා!

දීර්ඝ කාලයක් තිස්සේ එකම මුරපදය භාවිතා කිරීම එහි සුරක්ෂිතතාවය අඩු වීමට හේතු වියහැක. යම්කිසි කාලසීමාවකට පසු ඔබේ මුරපදය වෙනස් කිරීමට පියවර  ගන්න. මෙම වෙනස් කිරීමේදී කිසියම් රටාවකට අනුකූලව වෙනස්කම් කරන්න එපා. පැරණි මුරපදයට හාත්පසින්ම වෙනස් වූ නව මුර පදයක් යොදන්න.

මුර පද වල විවිධත්වය ඔබගේ අන්තර්ජාල ගිනුම් වල ආරක්ෂාවට තවත් වැදගත් කරුණකි. එකම මුරපදය විවිධ ගිනුම් කිහිපයක් සඳහා යොදාගන්න එපා! මෙවිට එම මුරපදය යම් හෙයකින් වෙනත් පුද්ගලයෙකුගේ අතට පත් වීමෙන් ඔබගේ අන්තර්ජාල ගිනුම් කිහිපයකටම හානි සිදුවියහැක.







 



ඉහත කරුණු වලට අමතරව මුර පද සම්බන්ඳයෙන් ඔබ අනුගමනය කලයුතු තවත් වැදගත් ක්‍රියාමාර්ග කිහිපයක් සලකා බලමු.





  • ඔබගේ මුර පද සම්බන්ද තොරතුරු පහසුවෙන් අන් අයට දැකගතහැකි ස්ථාන වල තබාගන්න එපා. විශේෂයෙන් ඔබ ඒවා ලියා තබාගන්නේ නම් එම සටහන් ඔබගේ කාර්යාල මේසය වැනි බාහිර පුද්ගලයන් ගැවසෙන් ස්ථාන වල තබන්න එපා!

  • සැමවිට ඔබේ මුර පදය ඔබටම අනන්‍ය වූ එකක් වන බවට තහවුරු කරගන්න. කිසිවිටෙකත් ඔබගේ පෙම්වතියගේ/පෙම්වතාගේ නම හෝ වෙනත් ඔබට සමීප අයෙකුගේ නමක් වැනි දෙයක් මුර පදයකට යොදන්න එපා!

  • විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාවේ වචනයක් හෝ වෙනත් ශබ්දකෝෂයක් තුල අන්තර්ගත වියහැකි වචනයක් යොදාගන්න එපා. මේවා Dictionary attack නම් වූ ඉතා පහසු ක්‍රමවේදයක් මගින් සොරාගතහැක.

  • සැමවිට Password recovery option භාවිතා කරන්න. බොහෝ අන්තර්ජාල සේවාවන් ඔබගේ මුරපදය අමතක වූ අවස්ථාවක e-mail පණිවිඩයක් හෝ ඔබගේ දුරකතනය වෙත එවන කෙටි පණිවිඩයක් මගින් එය reset කරගැනීමේ පහසුකම ලබා දේ. ඔබ recovery e-mail address සඳහා හැකි සෑම විටම ඔබේ රහස් e-mail ලිපිනයක් භාවිතා කරන්න.එම e-mail ලිපිනය හැකිතාක් සුරක්ෂිත කරගන්න. එය අනෙක් පුද්ගලයින් වෙත ලබා දෙන්න එපා!  

  • Recovery options තුල ඔබේ දුරකතනය භාවිතා කිරීමට අවස්ථාව ලබාදී ඇති සෑම විටම එය භාවිතා කරන්න. ඔබේ e-mail ලිපිනයට වඩා එය ආරක්ෂාකාරි වියහැක.






අවසාන වශයෙන් ඔබට අනන් වූ වචන කිහිපයක් මගින් ශක්තිමත් මුර පදයක් මෙලෙස සකසාගතහැක

This is a strong password >>> 7h15:s@STr0ngPaS5w_ORd

නමුත් මෙවන් ඉතා සංකීර්ණ මුර පදයක් භාවිතා කිරීමේදී ඔබට එය අමතක වීමේ ඉහල ප්‍රවනතාවයක් ඇත. ඒ නිසා ඔබේ මුර පදය ඔබට හුරු වන තෙක් ටික කාලය වත් එය යම් තැනක ආරක්ෂිතව සටහන් කර තබාගැනීමට මතක තබාගන්න.


එසේනම් තවත් දිනයක මෙවන් තාක්ෂණික ලිපියකින් හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නම්.

මෙම ලිපිය පිළිබඳ ඔබේ අදහස් comment එකක් ලෙස යොමු කරන්න.
ඔබගේ වෙනත් ඕනෑම ප්‍රතිචාරයක් සඳහා අපගේ e-mail ලිපිනය ඔබ වෙනුවෙන් විවෘතයි. 
නවතම ලිපි පිළිබඳ එසැනින් දැනගැනීමට අපගේ facebook රසික පිටුව වෙත සම්බන්ඳ වෙන්න.


අපත් සමග සැමදා රැඳී සිටින ඔබට ස්තුතියි!

No comments:

Post a Comment

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
 

අපිට like එකක් දාන්න

යාලුවන්ටත් බලන්න share කරන්න

Google+ පිටුව follow කරන්න

twitter යාලුවන්ට අපිව tweet කරන්න