කොහොමද
යාළුවනේ?? ටික දවසක නිහඬතාවයකින් පස්සෙ ආපහු බ්ලොග් එක පැත්තෙ ආවෙ ඔයාලාට ගොඩක්
වටින ප්‍රායෝගික ගැටළුවකට විසඳුමත් අරගෙන. පහුගිය දවස් ටිකේ විවිධ පරිගනක උපකාරක
සමූහ කිහිපයකම නිතර නිතර දකින්න ලැබුන ප්‍රශ්ණයක් තමයි අපි ADSL Router එකක්
නිවැරදිව configure කරගන්නෙ කොහොමද කියන එක සහ ඒ ආශ්‍රිත විවිධ ගැටළු. ඉතින් අද
පෝස්ට් එකෙන් ඔයාලට කියලාදෙන්න යන්නෙ ඒ ගැන.
අපේ
රටේ (ශ්‍රී ලංකාවෙ) ඉතින් ADSL කිව්වොත් SLT විතරයිනෙ තියෙන්නෙ. ඉතින් ADSL
Internet සබඳතාවයක් භාවිතා කරන අපේ යාළුවො වැඩි දෙක් පාවිච්චි කරන්නෙ SLT
ආයතනයෙන්ම ලබාදෙන ZTE zxv10 w300 කියන මාදිලියෙ router එක. ඒ නිසා මේ පෝස්ට් එකෙන් කියලාදෙන්න
යන්නෙ ZTE zxv10 w300 කියන මාදිලියෙ router එකක් අන්තර්ජාලය
සහ WiFi network එක සඳහා නිවැරදිව configure කරගන්න ආකාරය.